ක්‍රීඩා

මෙවර ශූරතාවයත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට

ඊයේ (10) ඩුබායිහි පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියක ශූරතාවය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකි විය.ඒ ඔවුන් අඛණ්ඩව දෙවැනි වරටත්  අයි.පී.එල් ශූරතාවය හිමි කර ගනිමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ දිල්ලි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමටයි තීරණය කරන ලදි.ඒ අනුව ඔවුන් තම පන්දුවාර 20 නිමා කළේ කඩුලු 7ක් දැවී ලකුණු 156ක් ලබා ගනිමිනි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මාර්කස් ස්ටොයිනිස් දවා ගැනීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් විය. ඒ 20යි 20 තරගයක පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගත් පළමු අවස්ථාව එය වූ අතර, අයි.පී.එල් තරගාවලියක අවසන් මහා තරගයක පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දැවී ගිය පළමු අවස්ථාව ද මෙය වේ.

ලකුණු 96ක සබදතාවයක් ගොඩ නැගීමට නායක ෂ්රෙයස් අයියර් සහ රිෂාබ් පාන්ට් සමත් විය. ෂ්රෙයස් අයියර්හට පන්දු 50කදී නොදැවී ලකුණු 65ක් හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමගින් ලබා ගැනීමට හැකි විය.

රිෂාබ් පාන්ට්හට පන්දු 38කදී  ලකුණු 56ක් හයේ පහර 2ක් සහ හතරේ පහර 4ක් සමගින් රැස් කිරීමට හැකැ වීය.

මුම්බායි පිල වෙනුවෙන් පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3ක් හා නේතන් කොල්ටර්-නයිල් කඩුලු 2ක් බිද හෙලීමට සමත් විණි.

ලකුණු 157ක ජයග්‍රාහී ඉලක්කයක් වෙනුවෙන් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තම පන්දුවාර 18.4ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට හැකි විය.

ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 20ක් ද නායක රෝහිට් ෂර්මා ලකුණු 68ක් ද දී සූර්යකුමාර් යාදෙව් ලකුණු 19ක් ද තම කණ්ඩායම වෙනුවෙන් රැස් කරන ලදි.

සූර්යකුමාර් යාදෙව් දුවද්දී දැවී ගියේ ඔහු සිය කඩුල්ල නායක රෝහිට් ෂර්මා වෙනුවෙන් කැප කිරීම හේතුවෙනි. එය බොහෝ දෙනාගේ අවධානයට ලක් විය.

දිල්ලි පිල වෙනුවෙන් පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා, මාර්කස් ස්ටොයිනිස් සහ Anrich Nortje එක් කඩුල්ල බැගින් බිද හෙලන ලදි.

2010 වසරේ හා 2011 වසරේ  චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම IPL ශූරතා ද්විත්වයක් ලබා ගෙන IPL ශූරතා ද්විත්වයක් ලබා ගත් ප්‍රථම කණ්ඩායම ලෙස ඉතිහාසයට එක්ව ඇත අතර අඛණ්ඩව ශූරතා ද්විත්වයක් ලබා ගත් දෙවන කණ්ඩායම ලෙස මුම්බායි කණ්ඩායම IPL ඉතිහාසයට එක් විය.

2013, 2015, 2017 , 2019 හා 2020 යන වසරවලදී IPL ශූරතාවය ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකියාව ලැබී ඇත.

මුම්බායි කණ්ඩායම, ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධනගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩා කළ අවසන් මහා තරග 04කින් 03ක් ජය ගැනීමට සමත් වීමද විශේෂත්වයකි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?