ක්‍රීඩාවිදේශීය

කෝබේ බ්‍රයන්ට්ගේ අනතුරේ ඡායාරූප මධ්‍යවෙත ලබාදුන් පොලීසියට අධිකරණය මිලියන 16ක වන්දි නියමකරයි

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත් සුපිරි අමෙරිකානු පැසිපන්දු ක්‍රීඩක කෝබේ බ්‍රයන්ට් මියගිය අවස්ථාවේ චායාරූප සමාජ මාධ්‍ය වෙත ලබාදීම මගින් ඔහුගේ පවුලේ අය හට සිදුකල මානසික පීඩාව වෙනුවෙන් ඩොලර් මිලියන 16ක වන්දියක් ලබාදීමට එරට ෆෙඩරල් අධිකරණයක් ලොස් ඇන්ජලිස් පොලීසියට අද දින නියම කළා.

ලොස් ඇන්ජලිස් පොලීසිය (sheriffs) සහ ගිනිනිවන භටයින් කෝබේ බ්‍රයන්ට් අනතුරට පත් අවස්ථාවේ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත්කිරීමෙන් තමන් මහත් සන්ත්‍රාසයටත් දැඩි කම්පාවටත් පත්වූ බව බ්‍රයන්ට්ගේ බිරිය විසින් අධිකරණය ඉදිරියේ පවසනු ලැබුවා.

ලොස් ඇන්ජලිස් පොලීසිය විසින් සිදුකල මෙම ක්‍රියාව නිසා ඇය හට දැරීමට සිදුවූ චිත්තවේගීය පීඩාව වෙනුවෙන් අමෙරිකාණු ඩොලර් මිලියන 16ක මුදලක් ගෙවීමට අධිකරණය නියම කළා.

පසුගිය නොවැම්බර මාසයේදී වන්දිලෙස ඩොලර් මිලියන 2.5 ක මුදලක් ගෙවීමට කැමැත්ත පළ කලත් බ්‍රයන්ට්ගේ බිරිඳ ඊට එකඟනොවූවේ වරින්වර සමාජ මාධ්‍යයේ මතුවන අනතුරේ ඡායාරූප මගින් ඇතිකරන චිත්ත පීඩාව ඉවසිය නොහැකිබව පවසමින්.

ලෝක පූජිත ලොස් ඇන්ජලීස් ලේකර්ස් පැසිපන්දු කණ්ඩායම නියෝජනය කල කෝබේ බ්‍රයන්ට් සලකනු ලබන්නේ පසිපන්දු ක්‍රීඩාවේ විශිෂ්ඨයෙක් ලෙසයි.
 

2020 ජනවාරි මාසයේදී කැලිෆෝනියාවේ දී ඔවුන් ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටීමෙන් කෝබේ බ්‍රයන්ට්, ඔහුගේ දියණියක් වූ ගියානා සහ පවුලේ මිතුරන් හය දෙනෙක් මිය ගියා. මිය යනවිට ඔහු 41වැනි වියේ පසුවුණා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?