දේශීය

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද විවෘත කෙරේ

අද ( 20 )  පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය වෙළෙඳසැල් 1192ක් සහ වාහන 600ක් නැවැත්වීමේ පහසුකම් සහිත රථ ගාලකින් සමන්විත වේ.

මීට අමතරව වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, විවේකාගාර, අධිශීත ගබඩා, හෝටල් ඇතුළු පහසුකම් රැසකින් මෙම නව මැනිං වෙළෙඳ සංකීර්ණය සමන්විත වීම විශේෂත්වයකි.

කොළඹ නගරයේ පවතින අධික රථවාහන තදබදයට එක් විසඳුමක් ලෙස හා ජනතාවගේ පහසුව ඇතුළු අරමුණ කිහිපයක් වෙනුවෙන් කොළඹ මත්ස්‍ය තොග වෙළෙද සංකීර්ණය පෑලියගොඩ ස්ථාපනය කිරීමට 2011 වසරේ දී එවකට පැවති ආණ්ඩුව කටයුතු කළේ වත්මන් ජනාධිපති එවකට ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදිය.

මූලික සැලසුම් අනුව මැනිං වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු 2013 වර්ෂයේ දී ආරම්භ කෙරිණි.

පෑලියගොඩ හුවමාරුව සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගමන් කරන අධිවේගී මාර්ග සම්බන්ධ වීම නිසා ඉතා පහසුවෙන් එළවළු ඇතුළු ආහාර ද්‍රව්‍ය කොළඹට ගෙන ඒමට සහ කොළඹින් පිට ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීමට අවස්ථාව හිමි වේ.

ඒ අනුව කොළඹ නගරයේ සහ අනෙකුත් මාර්ගවල වාහන තදබදය අවම වීමට මෙය බලපෑමක් වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?