ක්‍රීඩා

සිව්වෙනි වරටත් ජැෆ්නා ස්ටැලියන්ස් ජය ගනි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පිට පිට හතරවන වතාවටත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තම ජය තහවුරු කර ගැනීමට සමත් විය. ඒ ඊයේ (03) ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම හා  ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අතර පැවති තරගය ජය ගැනීමත් සමඟින්ය.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මේ වන විට තරග 04ක් ක්‍රීඩා කර ඇති අතර එම තරග කිසිවක් ජය ගැනීමට ඔවුන්ට නොහැකි විය.

ඊයේ තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 170ක් ලබා ගැනීමට ගාලු කණ්ඩායමට හැකි විය.

නායක භානුක රාජපක්ෂට රැස් කර ගත හැකි වූයේ එක් ලකුණක් පමණක් වන අතර ධනුක්ෂ ගුණතිලක ලකුණු 56ක්, චැඩ්වික් වොල්ටන් ලකුණු 31ක්, අහ්සාන් අලී ලකුණු 29ක් හා අසාම් ඛාන් ලකුණු 25ක් ගාලු ඉනිම වෙනුවෙන් රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 29කට කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.

ලකුණු 171ක ජයග්‍රාහී ඉලක්කයක් සමඟ පිටියට පැමිණි ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 19.4ක් අවසානයේ දී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට හැකි විය.

අවිශ්ක ප්‍රනාන්දු සුවිශේෂි පිතිහරඹයක නිරතවෙමින් පන්දු 59ක දී හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් සමගින් ලකුණු 84ක් ලබා ගත්තේය.

එසේද මිනෝද් භානුක ලකුණු 40ක් ද, වනිදු හසරංග නොදැවී ලකුණු 17ක් රැස් කළේ ය.

මේ වන විට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම තමන් සහභාගී වූ සියලු තරග (4) ජය ගනිමින් ලබා ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8ක්.

ගාලු කණ්ඩායම මේ වන විට තමන් සහභාගී වූ තරග හතරම පරාජයට පත් වීම නිසා ප්‍රසාද ලකුණු සටහනේ අවසාන තැන සිටියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?