ක්‍රීඩා

ගෝල් ග්ලැඩියේටර්ස් අවසන් මහා තරගයට

ඊයේ (13) පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට කළම්බෝ කිංග්ස් කණ්ඩායමට අවස්ථාව දෙන ලදි.

ඒ අනුව කළම්බෝ කිංග්ස් කණ්ඩායම තමන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 150ක් ලබා ගැනීමට සමත් විය.

ඩැනියල් බෙල්-ඩ්‍රමන්ඩ් පන්දු 53ක දී හයේ පහර 3ක් සහ හතරේ පහර 7ක් සමග ලකුණු 70ක් රැස් කළ අතර ඉසුරු උදාන ලකුණු 19ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 14ක් සහ ඇන්ඩ්‍රි රසල් ලකුණු 11ක් රැස් කරන ලදි.

පන්දු යැවීමේ දී ලක්ෂාන් සදකැන් කඩුලු 3ක් ද, නුවන් තුෂාර සහ ධනංජය ලක්ෂාන් කඩුලු 2 බැගින් බිඳහෙලීමට සමත් විය.

ජයග්‍රහනය සඳහා ලකුණු 151ක ඉලක්කයක් සමග පිටියට පැමිණි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 19.5ක් අවසානයේ කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කරන ලදි.

 නායක භානුක රාජපක්ෂ ලකුණු 33ක්,ශෙහාන් ජයසූරිය ලකුණු 22ක් , අසාම් ඛාන් ලකුණු 21ක් හා ධනුෂ්ක ගුණතිලක ලකුණු 13 රැස් කිරීමට සමත් විය.

පන්දු 23ක දී නොදැවී ලකුණු 31ක් ධනංජය ලක්ෂාන් රැස් කළ අතර තම කණ්ඩායම ජයග්‍රාහී මාවත වෙත රැගෙන යාමට ධනංජය ලක්ෂාන්ට හා ලක්ෂාන් සදකැන්ට හැකි විය.

පන්දු යැවීමේ දී අශාන් ප්‍රියන්ජන් ලකුණු 42කට කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් විය.

ධනංජය ලක්ෂාන් තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය.

ඒ අනුව ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුනම් ලැබූ අතර අද (14) පැවැත්වෙන තරගයෙන් ජය ගන්නා කණ්ඩායම සමග අවසන් මහා තරගයේ දී ක්‍රීඩා කිීමට නියමිත වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?