දේශීය

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමෙන් පසු පළමු විදෙස් සංචාරකයින් පිරිස රුසියාවෙන්

ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීමෙන් අනතුරුව පළමුව රුසියානු සංචාරකයින් කණ්ඩායමකට මෙරටට පැමිණීමට අවසර ලබා දී තිබේ.

රුසියානු සමූහාණ්ඩුවෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබා දී ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කරයි.

ඒ අනුව සංචාරකයින් 200ක පමණ පිරිසක් ලබන 26 වන දින කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිතය.

උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ දිවයිනට පැමිණෙන සංචාරකයින් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ගුවන් තොටුපොළ බලධාරීන් සහ සංචාරක නියෝජිතයින් දැනුවත් කිරීම මේ වන විටත් සිදුකර ඇති බවයි.

සංචාරකයින් දිවයිනට පැමිණීමේ දී ඔවුන් ගුවන් තොටුපොළ තුළදීම PCR පරීක්ෂණයට යොමු කෙරෙන අතර ඔවුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් විධිමත් ආකාරයෙන් ලබාදීම සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගෙන තිබේ.

මේ අතර ලබන 26 වන දිනෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණිමට නොහැකිව විවිධ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරයකින් තොරව මෙරටට පැමිණීමට අවස්ථාව උදාවන බව ද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?