දේශීය

වැඩ බලන සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස අමාත්‍ය චන්න ජයසුමන දිවුරුම් දෙයි

සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙහි වැඩ බලන සෞඛ්‍ය කැබිනට් අමාත්‍යවරයා ලෙස  රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (16) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

එම මහතා ඖෂධ නිෂ්පාදනය සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරමින් සිටී.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත්තේ, විෂයභාර අමාත්‍යවරිය යළි සේවයට වාර්තා කරන තුරු සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමේ කටයුතු සිදු කිරීම සඳහා මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කර ඇති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?