දේශීය

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය හෙට දක්වා වසා දැමේ

නායයාමේ අවදානමක් හේතුවෙන් පහළ කඩුගන්නාවෙන් වසා දැමූ කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය හෙට (12) පෙරවරු 9.00 දක්වා තවදුරටත් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම් දී ඇත.

ඒ අනුව කොළඹ සිට මහනුවර දක්වා,

  • අඹේපුස්ස හරහා කුරුණෑගලට පැමිණ ගලගෙදර – කටුගස්තොට හරහා මහනුවරට
  • කෑගල්ල සිට පොල්ගහවෙලට පැමිණ කුරුණෑගල – ගලගෙදර – කටුගස්තොට හරහා මහනුවරට
  • මාවනැල්ල සිට රඹුක්කන හතරලියද්ද – ගලගෙදර – කටුගස්තොට හරහා මහනුවරට

යන විකල්ප මාර්ග භාවිතා කළ හැකි වේ.

මහනුවර සිට කොළඹට විකල්ප මාර්ගය ලෙස කටුගස්තොට ගලගෙදර සිට කුරුණෑගලට පැමිණ කොළඹ දක්වා පැමිණිය හැකිය.

ඊයේ (10) රාත්‍රි 10.00 සිට කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශය නායයෑම් පිළිබඳ අවදානමක් හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු මාර්ගය වසා දැමීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තීරණය කරණු ලැබුණි.

මේ අතර ඊයේ එහි පැමිණි භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කළේ කඩුගන්නාවේ පළතුරු කඩ පේලිය නායයෑමේ අවදානමට ලක්වී වී ඇති බවයි.

අද (11) උදෑසන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිලධාරීහු කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාම් අවදානම් ස්ථානය පරීක්ෂා කළ අතර මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, ආපදා කළමනාකරණ නිලධාරින්, ප්‍රාදේශීය ලේකම්, යුද හමුදා නිලධාරීන් හා පොලිස් නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් සාකච්ඡාවක් ද පවත්වා තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?