Latestදේශීය

මත්පැන් බෝතල්වලට ආරක්ෂිත ස්ටිකරයක්

දේශීය වශයෙන් මෙරට නිෂ්පාදනය කරන සහ විදේශයන්ගෙන් ආනයනය කරන මත්පැන් බෝතල් සහ කෑන් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

ඒ අනුව 2022 ජනවාරි 3වන දින සිට දේශීය වශයෙන් නිෂ්පාදනය කරන මත්පැන් බෝතල් සහ කෑන්වල මෙම ආරක්ෂිත ස්ටිකරය ඇලවීම ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ.

මෙලෙස ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් වෙළඳපොලට නිකුත් කිරීමට පෙර දැනට වෙළඳපොලේ ඇති අංක රහිත මත්පැන් තොග අවසන් වීමට නියමිත අතර ඒ සඳහා මාස 03ක කාලයක් ලබා දෙන බව ඔහු පැවසීය.

ඒ අනුව 2022 අප්‍රේල් පළමු දින වන විට දිවයින පුරා සමස්ත වෙළෙඳපොලේ අලෙවි වන සියලුම මත්පැන් බෝතල් මත මෙම ආරක්ෂිත ස්ටිකරය තිබෙනු ඇති බවට අපේක්ෂා කරන බව කපිල කුමාරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

නීති විරෝධී ලෙස ආනයනය කරනු ලබන මත්පැන් වර්ග දේශීය වෙළඳපලට ඇතුළත් වීම වැළැක්වීම සඳහාත්, ශ්‍රී ලංකාව තුළ අලෙවි කරනු ලබන සියලුම දේශීය හා විදේශීය මත්පැන් මත අයවිය යුතු අදාළ බදු මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට අය වීම සඳහා ආරක්ෂිත මුද්‍රා ක්‍රමය හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව මෙලෙස කටයුතු කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?