විදේශීය

ඉන්දියාවේ නිරෝධායන නීති වෙනස් වෙයි

විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින් සඳහා දින 7ක අනිවාර්ය නිරෝධායන කාලසීමාවක් ප්‍රකාශයට පත් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව විදේශයන්හි සිට පැමිණෙන සියල්ලන් නිවෙස්වල නිරෝධායනයට යොමු කෙරෙන අතර 8වන දිනයේ දී කෙරෝනා පරීක්ෂාවකට ද ලක් කෙරෙනු ඇත.

මොවුන් ඉන්දියාවට පැමිණීමට පැය 72කට පෙර ද කොරෝනා පරීක්ෂණයකින් ආසාදිතයෙකු නොවන බව තහවුරු කළ යුතුයි.

ලබන 11 වන අඟහරුවාදා දිනයේ සිට මෙම නව තීරණ බලපැවැත්වෙන බව ද වාර්තා වේ.

මේ වනවිට ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළිත් ඉහළ යමින් පවතින අතර ගතවූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 141,986 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එය පෙර දිනට සාපේක්ෂව 21%ක ඉහළ යාමක් බව ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කළේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?