Latestදේශීය

ජනතා මතයක් නෙමෙයි ජනතා බලයක් අවශ්‍යයි – ලාල් කාන්ත

ජාතික ජන බලවේගයේ නායකත්වයෙන් ගොඩනැගෙන පුළුල් සංධානය හමුවේ වැඩි දෙනෙක් කියන්න පුරුදු වෙලා තියෙන  වචනය සහයෝගය දීම බවත් තමන් එවැනි සහයෝගයක් අපේක්ෂා නොකරන අතර අවශ්‍යව ඇත්තේ ජාතික ජන බලවේගයේ වැඩපිළිවෙල බාර ගැනීම බව ලාල් කාන්ත මහතා පවසනවා.

බිදවැටුනු මව්බිම ගොඩනගන විසදුම යන මැයින් සංවිධානය කර තිබුනු ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමින් ඔහු මේ බව පැවසුවා.

“ජාතික ජන බලවේගය ඊලග මැතිවරණයකදී විපක්ෂයට ගේන්න නෙමෙයි අවශ්‍ය. එහෙම සාකච්ඡාවක් නැහැ. අපිත් එක්ක මේ සම්බන්ධවෙන සියලුදෙනා, කතා කරන සියලුම දෙනා කතා කරන්නේ මේ ආන්ඩුව ගෙදර යවන්න ඕනා. ජනතාවාදී ප්‍රගතිශීලී ආන්ඩුවක් හදන්න ඕනා කියලා තමයි සාකච්ඡා කරන්නේ. එහෙම නැතුව අතරමැද සාකච්ඡාවෙක් ලංකාව පුරා කොතැනකවත් නැහැ.”

“ප්‍රගතිශීලී ජනතාවාදී පාලනයක් ගොඩනගන්න ඕනා. ඒකට මේදක්වා රට පාලනය කළ කිසිම කෙනෙක් හරියන්නේ නැහැ. ඔයගොල්ලො විතරයි කියල තමයි දැන් අපිට කියන්නේ.”

“ඔයගොල්ලො විතරක් කියන වචනයට අපි එච්චර කැමති නැහැ. අපි එකතු වෙලා අපි මේ වැඩේ කරමු. මේක අපේ වැඩේ. ජනතාවගේ වැඩේ.”

වත්මන් පාලනය පෙරලා දැමීමට අවශ්‍ය ජනතා මතයක් නොව ජනතා බලයක් බැවින් ජාතික ජන බලවේගය එම විසිරී ඇති ජනතා බලය ගොඩනැංවීමට කටයුතු කරන බවත්, එලෙස ඒකරාශි කරගත් ජනතා බලය තුළින් අනිවාර්යයෙන්ම ආන්ඩුව පෙරලාදමන බවත් පැවසූ ලාල් කාන්ත මහතා ඒ සදහා ගමේ බලය ගොඩනැගීම සදහා ක්‍රියාශීලීව කටයුතු කරන ලෙස යෝජනා කරන ලදි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?