Latestදේශීය

කොරෝනා නිසා නැතිවුනු අවුරුදු දෙකට ජනමත විචාරණයක් තියන්න කියලා ජනතාව කියනවා – ජනාධිපති

කොරෝනා නිසා අහිමිවුන අවුරුදු දෙක ජනමත විචාරණයක් තියා නැවත නොගන්නේ ඇයි කියා තරුණයෙක් තමන්ගෙන් විමසූ බවත්, ජනතාව වත්මන් අර්බුධය හොදින් හදුනාගෙන ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ එක් පියවරක් වන පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් මොනරාගල සියඹලාණ්ඩුව මහා විද්‍යාලය ජාතික පාසලක් ලෙස සිසු අයිතියට පත් කිරීමේ (07) උළෙලට එක් වෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සදහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, 

රාජ්‍ය ඇමතිවරයෙක් කියනවා නම් මේ ආන්ඩුව වැරදියි කියලා එයත් වැරදියි. හැම මන්ත්‍රීවරයෙක්ම, රාජ්‍ය ඇමතිවරයෙක්ම, ඇමතිවරයෙක්ම, සාමූහිකව ආන්ඩුව කෙරෙහි වගකියන්න ඕනා. ඔහුම කියනවා නම් වැරදියි කියලා ඔහුගේ වැඩේ කරන්නේ නැහැ. වැඩ කරන්නට පුළුවන්. මම ලේකම් වරයෙක් වශයෙන්, හමුදා නිළධාරියෙක් වශයෙන්, වැඩකරලා පෙන්නලා තියෙනවා. මොකද අපි සාමූහිකව වැඩකරපු නිසා.

යමෙක් තවත් එක්කෙනෙකුට චෝදනා කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවයයි. ඇග බේරගන්න තවත් එක්කෙනෙකුට චෝදනා කරනවා. ඒක කරන්න එපා. සාමූහිකව රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, මහජනතාව වෙනුවෙන් තමන්ට ලබා දුන් වගකීම ඉටු කරන්න. මම ඒකට බැදිලා ඉන්නවා. කොරොනා නිසා මට අවුරුදු දෙකක් නැතිවුනා. මේ අවුරුදු තුන තුළ ඒ අපි පොරොන්දු වුන වගකීම කරනවා කියලා මම ජනතාවට කියනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?