Latestදේශීය

නිදහස් දින රංජන් රාමනායකට නිදහස?

එළඹෙන පෙබරවාරි 04 වන දින රංජන් රාමනායක මහතාව නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපතිවරයාට යොමු කිරීමට නියමිත පෙත්සමට අත්සන් ලබා ගැනීමේ වැඩසහටහනක් අද දින අළුත්කඩේ අධිකරණ පරිශ්‍රය ඉදිරිපිටදී සිදුවුනා. නීතිඥවරුන්ගෙන් අත්සන් ලබා ගැනීමේ මෙම වැඩසටහනට සමගාමීව රටේ විවිධ ස්ථානයන් හී දී තවත් අත්සන් ලබා ගැනීමේ වැඩසටහන් සිදුකළ බව එක්සත් ජාතික ස්ව්‍යං රැකියා වෙළද ව්‍යාපාරිකයන්ගේ සංගමය සහ රංජන් රාමනායක මහතාගේ නිදහස වෙනුවෙන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් පවසනවා.  

 අද දින (31) සිවිල් සංවිධාන සහ බහුජන ක්‍රියාකාරීන් මෙන්ම කලාකරුවන් එක්ව මෙම අත්සන් ව්‍යාපාරය සිදුකරනු ලැබුවා.

ජනප්‍රියත්වයේ හිනි පෙත්තේ සිටි කලාකරුවෙක් මෙන්ම තිත්ත ඇත්ත කතා කළ දේශපාලනඥයෙක් වූ රංජන් රාමනායක මහතා ජනතා දේපල හොරකම් නොකළ පිරිසිදු දේශපාලනඥයෙක් බවයි රංජන් රාමනායක මහතා නිදහස් කරගැනීමේ ව්‍යාපාරයට සම්බන්ධ වූ විවිධ පාර්ෂවයන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස් දක්වමින් සිවිල් ක්‍රියාකාරීන් පැවසුවේ,  විවිධ දූෂිතයින්ට නිදහස ලබා දීමට හිටපු ජනාධිපතිවරයා මෙන්ම වත්මන් ජනාධිපතිවරයාද කටයුතු කළ අවස්ථා බහුල බවයි.

රංජන් රාමනායක වැනි දූෂණයෙන් තොර රටට අවැසි ජනතා නියෝජිතයින් හට නිදහස ලබා දී දේශපාලනය කිරීමට අවස්ථාව උදා කර දීම තුළින් දූෂණයෙන් වංචාවෙන් තොරව රට ගොඩනගන බවට පොරොන්දු වූ ජනාධිපතිවරයා හට තම ඉලක්කය සපුරා ගැනීමට හැකි බව විවිධ පාර්ෂවයන් මෙහිදී අවධාරණය කළා.  

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?