ක්‍රීඩාදේශීය

දිමුත් කරුණාරත්නගේ 14 වන ටෙස්ට් ශතකයට ලංකාව බේරාගැනීමට නොහැකිවෙයි

නායක දිමුත් කරුණාරත්න තම ටෙස්ට් දිවියේ 14 වන ශතකය වාර්තා කිරීමට ඊයේ (14) දින සමත් වුවත් ඉන්දියාවට එරෙහිව පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ද පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. බැංගලෝර් හි දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති මෙම තරගයෙන් ලකුණු 208ක පරාජයක් විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ තරගයේ දින දෙකක් ඉතිරිව තිබිය දී වීම විශේෂත්වයක්.

ලකුණු 447ක අසීරු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගත හැකි වුයේ ලකුණු 208ක් පමණයි. මිනිත්තු 228ක කාලයක් පිටියේ රැඳීසිටි දිමුත් කරුණාරත්න ලකුණු 107ක් ලබාගත් අතර එම ශතකයට හතරේ පහර 15ක් ඇතුලත් වුණා. කරුණාරත්න හා ලකුණු 54ක් ලබාගත් කුසල් මෙන්ඩිස්ට අමතරව අනෙක් කිසිම ශ්‍රී ලාංකීක පිතිකරුවකු හට ඉන්දීයානු පන්දුයවන්නන්ට අභියෝගයක් එල්ල කිරීමට නොහැකි වුණා. දඟ පන්දු යවන රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 55ට කඩුලු හතරක් ලබාගත් අතර, පළමු ඉනිමේ දී කඩුලු 05ක් ලබාගත් ජස්ප්‍රිට් බුම්රා දෙවන ඉනිමේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තිදෙනකු දවාගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩාත් සාර්ථකම පන්දු යවන්නන් වූයේ ලසිත් ඇඹුල්දෙනිය (ඉනිම දෙකේදීම කඩුලු 3 බැගින්) සහ ප්‍රවීන් ජයවික්‍රමයි (පලමු ඉනිමේ කඩුලු 3ක් සහ දෙවන ඉනිමේ කඩුලු 4ක්).

සිය අවසන් ටෙස්ට් තරගයට සහභාගි වූ සුරංග ලක්මාල් පළමු ඉනිමේ දී ඵක් කඩුල්ලක් දවාගත්තා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?