Latestදේශීය

පෙබරවාරී 09 වෙනිදා ජාතික විරෝධතා දිනයක්

ලබන පෙබරවාරී නම වෙනිදා ජාතික විරෝධතා දිනයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසනවා.

එම එකමුතුව සංවිධානය කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එක්ව ලබන මස නම වෙනිදා දින මෙම විරෝධතා දිනයක්සංවිධාන කරන බවයි.

ආන්ඩුවේ පැවැත්ම වෙනුවෙන් සිදුකරනු ලබන ජනතා විරෝධී ක්‍රියාවලට එරෙහිව මෙම ක්‍රියාමාර්ගය ගත් බව සඳහන්.

එසේම මෙරට බදු මුදල් වියදම් කර ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව මෙම හමුවට සහභාගි වූ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක  මහතා සඳහන් කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?