Latestදේශීය

හදිසි නීති මගින් මර්ධනය ගෙන ආවොත් අරගල අට්ටාල මැති ඇමතිවරුන්‌ගේ නිවාස වල ඉදිකරනවා – වසන්ත මුදලිගේ

ආන්ඩුවට තීරණය ගැනීමට කාලයක් ලබා දෙන බවත් එම කාලය තුළ රාජපක්ෂවරු ප්‍රමුඛ ආන්ඩුව ගෙදර යා යුතු බවත් නැතිනම් එළඹෙන 17 වෙනිදා නැවත පාර්ලිමේන්තුව වටලන බවත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා පවසනවා.

ආන්ඩුවට මේ ලබා දුන් කාලය හොදින් තේරුම් ගෙන ආන්ඩුව කටයුතු කළ යුතු බව පවසන වසන්ත මුදලිගේ මහතා ශිෂ්‍ය ව්‍යාපාරය පාර්ලිමේන්තු පිවිසුම අසලින් ඉවත් වන්නේ තාවකාලිකව බවද අවධාරණය කරනවා.

මේ අතර ජනාධිපතිවරයා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම ගැන අදහස් දක්වමින් වසන්ත මුදලිගේ මහතා පැවසුවේ හැකිනම් හදිසි නීති බලතල ක්‍රියාත්මක කර පෙන්වන ලෙසයි.

රටේම ජනතාව එක හඩින් කියා සිටින්නේ රාජපක්ෂවරු ප්‍රමුඛ ආන්ඩුව ගෙදර යා යුතු බව නමුත් ආන්ඩුව කොල කුට්ටම අනමින් දේශපාලන ගේම් ගහමින් සිටින බව පවසන මුදලිගේ මහතා හැකිනම් ගෝල්ෆේස් හෝ එම අරගලයට සමගාමීව දිස්ත්‍රික් මට්ටමින් පවත්වාගෙන යන අරගලස්ථාන ඉවත් කරන ලෙස ආන්ඩුවට බල අභියෝග කරනවා. යම් හෙයකින් අරගල ස්ථානවෙත ආන්ඩුවේ බලය මුදාහරින්නට කටයුතු කළහොත් නියත වශයෙන්ම ආන්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නිවාසවල අරගල අට්ටාල ඉදිවීම ආන්ඩුවට නවතාලිය නොහැකි ජනතා නැගිටීමක් වනු ඇති බවද ඔහු අවධාරණය කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?