Latestදේශීය

අරගලය නවත්තන්න නම් ආන්ඩුව යන්නම ඕනා – අ.වි.ශි.බ. මණ්ඩලය

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමන අද(19) කොළඹ නෙළුම් පොකුණ රගහල අසලින් ආරම්භ වුනා.

ගෝඨා රනිල් කුමන්ත්‍රණ ආන්ඩුව පන්නමු! ක්‍රමය පෙරළමු! තේමාව යටතේ මෙම පා ගමන පුරහල, ඉබ්බන්වල හන්දිය, මරදාන ටෙක්නිකල් හන්දිය පිටකොටුව හරහා ලෝක වෙළද මධ්‍යස්ථානය දෙසට ගමන් කළා.

මේ අතර ජනාධිපති මාවත, යෝක් වීදිය, බැංකු මාවත, චැතම් වීදිය, මුදලිගේ මාවත හි ගමන් කිරීමට සහ ඇතුළු වීම වලක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබුනා. ඒ කොටුව පොලීසිය කළ ඉල්ලීමකට අනුව.

කෙසේ වෙතත් ලෝක වෙළද මධ්‍යස්ථානයට පිවිසෙන මාර්ගය අවහිර කර යොදා තිබුනු මාර්ග බාධක අභියසදී දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූ අතර පොලීසිය විසින් අවස්ථා 6කදී කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

අවසානයේ ජන රැලියක් පවත්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආන්ඩුව ගෙදර යන තුරු ජනතාව සමගින් අඛණ්ඩව අරගල කරන බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?