Latestදේශීය

ඇමරිකානු තානාපතිනිය කථානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය, ඊයේ (27) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වූවා ය.

දේශපාලන ස්ථාවරත්වය ඇති කොට වත්මන් ආර්ථික අර්බුදය ජය ගැනීමට නව අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවට හැකියාවක් ලැබෙනු ඇතැයි ඇය අපේක්ෂා කරන බව මෙහිදී පැවසුවාය. එසේම ජනතාව අපේක්ෂා කරන දේශපාලන ප්‍රතිසංස්කරණයන් සිදුකොට ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමේ අවශ්‍යතාවද තානාපතිවරිය අවධාරණය කළාය. ශ්‍රී ලංකා – ඇමරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංසදය හරහා දෙරට අතර පවතින සබදතා වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බවද ජුලී චන්ග් මහත්මිය පැවසුවාය. පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය සිදුකරන කාර්ය භාරය ඇගයීමට ලක්කළ ඇය පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩිකිරීමේ අවශ්‍යතාව පිළිබදව ද සාකච්ඡා කළාය.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඇමරිකානු එක්සත් ජනපදය නිරතුරුව ලබා දෙන ශක්තිය පිළිබදව ද මෙහිදී කථානායකවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.

මෙරට ඇමරිකානු එක්සත් ජනපද තානාපතිනිය ලෙස පත්වීමෙන් අනතුරුව ජුලී චන්ග් මහත්මිය සහ කථානායකවරයා අතර හමුවක් පැවත්වූ පළමු අවස්ථාව මෙයයි.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?