Latestදේශීය

ශවේන්ද්‍ර පසුපස හඹායාමේ මෙහෙයුමක්

යුද හමුදාපති ධුරයෙන් ඉවත් වී යන ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉලක්ක කර ගනිමින් පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත්කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කර ඇති මෙම කමිටුවට ශවේන්ද්‍ර සිල්වා සමඟ අමනාපකම් පවතින සහ මේ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ සමඟ සමීප සම්බන්ධතා පවත්වන තිදෙනෙකු පත්කර ඇති බවට ආරක්ෂක අංශ කුරුණු දක්වයි.

එම කමිටුව 25 වෙනිදා පත්කර ඇත. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක සහ හිටපු හමුදාපති දයා රත්නායක අදාළ කමිටුවේ සාමාජිකයන් ලෙස පත්කර ඇත.

මිරිහානේ පිහිටි ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවාසය ඉදිරිපිට පැවැත්වූ උද්ගෝෂණය සහ පසුගිය 09 වෙනිදා ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගමට එල්ල කළ මැර ප්‍රහාර පිළිබඳවත් ඉන් පසුව ඇතිවුණු කළහකාරී ප්‍රතිචාර පිළිබඳවත් පරීක්ෂා කිරීමට මෙම කණ්ඩායම පත්කර ඇති බව කියවේ. නමුත් මෙහි ඇත්ත අරමුණ 09 වෙනිදා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ රැඳී සිටි මහින්ද රාජපක්ෂට ප්‍රමාණවත් ආරක්ෂාවක් සලසා නොදීම සහ එවකට සිටි ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නිවාසවලට ආරක්ෂාව සලසා නොදීම පිළිබඳව පරීක්ෂා කිරීම බව අනාවරණය වේ.

මේ වනවිටත් ආණ්ඩුවේ දේශපාලකයින්ගේ දේපළවලට ප්‍රමාණවත් ආරක්ෂාව සලසා නොදීම පිළිබඳව හිටපු හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ආණ්ඩුවෙන් චෝදනා එල්ල කර තිබේ.

Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?