Latestදේශීය

මෛත්‍රී, 6වන ජනාධිපති ලෙස පුටින්ට ලියයි

අතිගරු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතා,
රුසියානු සමූහාණ්ඩුව.

අතිගරු ජනාධිපතිතුමනි,

ඔබ සහ රුසියානු සමූහාණ්ඩුවේ ජනතාවට මුලින්ම මගේ ප්‍රශංසාව ඉදිරිපත් කිරීමට කරුණිකව අවසර ඉල්ලමි. අපේ ජාතීන් දෙකේ ජනතාව දශක ගණනාවක් පුරා දිවෙන මිත්‍රත්වයක් භුක්ති විඳිනවා. අපගේ මිත්‍රත්වය අන්‍යෝන්‍ය ගෞරවයක් මිස ගනුදෙනු ප්‍රතිලාභ මත පදනම් වූ එකක් නොවේ. 2009දී අවසන් වූ 30 වසරක සිවිල් යුද්ධයේදී රුසියාවෙන් කිසිදු අපේක්ෂාවක් සහ ලාභ ප්‍රයෝජනයක් නොමැතිව අප වෙත ලබාදුන් ශ්‍රේෂ්ඨ රුසියානු ජාතියේ උපකාරය සහ සහයෝගය ශ්‍රී ලංකාවේ ජනතාව නිතර නිතර සිහිපත් කරනු ඇත. අදටත් ශ්‍රී ලාංකිකයන් අතර අපි මෙම අතීතය මතක තබා අගය කරමි.

2015 සිට 2019 දක්වා මගේ ජනාධිපති ධුර කාලය තුළ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර විශේෂ බැඳීම තවදුරටත් ශක්තිමත් වූ බව මට මෙන්ම ඔබතුමාටත් මතකයේ ඇතැයි මා විශ්වාස කරමි. ඔබගේ ගෞරවනීය ආරාධනයෙන් මොස්කව් වෙත මගේ නිල සංචාරය තුළදී ද්විපාර්ශ්වික සහ බහු පාර්ශ්වික කරුණු රාශියක් සාකච්ඡා කරමින් මිත්‍රත්වය වඩාත් ශක්තිමත් කරගැනීමට හැකිවීම මා අගය කරන මතකයකි.

අවාසනාවකට මෙන්, කොළඹ වාණිජ මහාධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කිරීමෙන් පසු AEROFLOT ගුවන් යානයක් ශ්‍රී ලංකාව තුළ ගොඩබෑමෙන් පසු රඳවා තබාගැනීම සම්බන්ධ මෑතකාලීන ඇතිවූ සිදුවීම අපගේ ජාතීන් දෙක සහ රජයන් අතර ඇති විශ්වාසය සහ අන්‍යෝන්‍ය ගෞරවය තරමක් දුරට පළුදු කර ඇත.

එම වාරණ නියෝගයෙන් පසුව AEROFLOT ගුවන් යානා කොළඹට සිය ගුවන් ගමන් අත්හිටුවීමට ගත් තීරණයෙන් මාහට එම තත්වය තේරුම් ගත හැකිය. අවාසනාවකට මෙන්, මෙම අත්හිටුවීම අප රටට සංචාරකයන් අවශ්‍යම මොහොතක ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට විනාශකාරී පහරක් වනු ඇත. එය පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් සහ COVID-19 වසංගතයෙන් යළි රට යථා තත්ත්වයට පත්වීමට පටන්ගත්තාත් සමගම සිදු වු අවාසනාවන්ත තත්වයකි.

අතිගරු ජනාධිපතිතුමනි, මේ මොහොතේ මම තවදුරටත් බලයේ සිටින රජයේ සාමාජිකයෙකු නොවූවද, මෙම ගැටලුව කිසිසේත්ම රජය විසින් ගත් තීරණයක් ලෙස නොව, සම්පූර්ණයෙන්ම අධිකරණමය කාරණයක් ලෙස සලකන ලෙස ඔබෙන් සහ රජයෙන් මා ආයාචනා කරමි. එය මෙරට අධිකරණය ඉදිරියේ ඇති ගැටලුවක් බැවින්, මෙම අවාසනාවන්ත සිදුවීම දෙරට මිත්‍රත්වය පලුදු නොවන්න නීත්‍යනුකූලව සහ සාමකාමීව විසඳීම සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා අධිකරණ අමාත්‍යාංශය සියලු පහසුකම්‍ සොයමින් සිටින බව මට සහතිකයි. ඔබ දන්නා පරිදි, මගේ රට සහ ජනතාව නිදහසින් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටිති.

අතිගරු ජනාධිපතිතුමනි, ඔබ දන්නා පරිදි, අප මේ වන විට දරුනු ඉන්ධන හිඟයකට, විදුලි කප්පාදුවලට සහ ඉදිරි මාස කිහිපය තුළ ආසන්න වශයෙන් පෙනෙන ආහාර අර්බුදයකට මුහුණ දී සිටිමු. එබැවින්, අපගේ විශ්වාසවන්ත මිතුරන්ගේ සියලු උපකාර සහ සහාය අපට අවශ්‍ය වනු ඇත.

අපගේ පැරණිතම සහ සමීපතම මිතුරෙකු ලෙස රුසියාවේ උපකාරය අපට තීරණාත්මක වනු ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාව වෙත AEROFLOT ගුවන් ගමන් අත්හිටුවීම පිළිබඳව ඔබතුමා සහ ඔබේ රජය නැවත සලකා බලන ලෙසත්, අපගේ අඳුරුතම අවස්ථාවන්හිදී පවා ඔබට සහ රුසියාවට සැමදා මෙන් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දෙන ලෙසත් මම ආයාචනා කරමි. ඉතිහාසය පුරාවට අප වෙත කළ උදව්‍ උපකාර වෙනුවෙන් ඔබට, ඔබේ රජයට සහ ජනතාවට මගේ ඉහළම ගෞරවය ලබාදීමට මෙය අවස්ථාවක් කර ගනිමි.

මෛත්‍රීපාල සිරිසේන
හයවන විධායක ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?