Latestදේශීය

ගෝඨාභය රාජපක්ෂ කියන උද්දච්ඡ මිනිහා රට විනාශ කළා. එයා ඉන්න ඕනා හිරේ – මරික්කාර්

රට බංකොලොත් භාවයට පත් කරපු කට්ටිය ඇමතිවරු ලෙස දිවුරුම් දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

අරගලයට ගහපු සනත් නිශාන්ත , අසූචි පොහොර නැවට වන්දි ගෙවන එකට වගකියන්න ඕන ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ, මේ පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගහපු එක්කෙනා, ඒ වගේම ගංජා ප්‍රමෝට් කරන්න ඕනේ කියපු එක්කෙනා, මේ අය අද ඇමතිවරු විදියට දිවුරුම් දෙනවා. අරන්තලාවේ භික්ෂු ඝාතනයට සම්බන්ධ කෙනත් අද ඇමති කෙනෙක් විදියට දිවුරුම් දෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න දාහතර දෙනයි අද හයදෙනෙක් ඇමතිවරු විදිහට දිවුරුම් දීලා. එතකොට sri ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෝඩ් ලෑල්ලකට සීමා වෙන තත්ත්වයට වන තත්වයට පත්කරලා රනිල් වික්‍රමසිංහ මහත්මයා.

සමාජ මාධ්‍යයේ යනවා අද දිවුරුම් දුන් අය වැටුප් ගන්නෑ වරප්‍රසාද ගන්නෑ කියලා. හැබැයි වාහන තුන ගන්නවා, නිල නිවාසය ගන්නවා, කාර්ය මණ්ඩලය ගන්නවා, කාර්ය මණ්ඩලය තුන් දෙනෙකුටත් වාහනය රියදුරු එක්ක හම්බ වෙනවා , ඒ ඔක්කොම ගන්නවා. වැටුප කීයද 54 ,000/- යි. ඒකෙන් ඇමතිකමට හම්බවෙන පහළොස් දාහ තමයි ගන්නැත්තේ. මන්ත්‍රී වැටුප ගන්නවා. මේ කවුද රවට්ටන්න හදන්නේ ?

අරගලය කරපු දමිතා අබේරත්න ව අත්අඩංගුවට ගනිද්දී , අරගලයේ ගුටිකාපු ජීවන්ට ෆාදර් අත්අඩංගුවට ගනිද්දී, ගහපු කට්ටිය නිදහසේ ඉන්නවා සහ මෙහෙයවපු කට්ටියට ඇමතිකම් හම්බවෙන දවසක් බවට පත්වෙලා.

පොහොට්ටුවේ කට්ටිය පොඩ්ඩක් දැනගන්න රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති වෙලා ඉන්නේ සදාකාලිකවම නෙමෙයි. ඡන්දෙන් ආපු කෙනෙක් නෙමේ එයා. තව අවුරුදු දෙකයි තියෙන්නේ. එයාගේ වැරදි නියෝග ක්‍රියාත්මක කරන අයටත් ඊළඟ වතාවේදී වන්දි ගෙවන්න වෙනවා කියන එක මතක තියාගන්න.

මේ රට බංකොලොත් භාවයට පත් කරපු කට්ටිය තමයි අද ඇමතිවරු විදියට දිවුරුම් දෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ කියන උද්දච්ච මනුස්සයා මේ රට අද විනාශ කරලා. මේ සෙට් එක ගිහිල්ලා එයාව පිළිගන්නවා. එයා ඉන්න ඕන හිරේ. ධුර කාලය ඉවර කරලා ගෞරවාන්විතව විශ්‍රාම ගිය ජනාධිපති කෙනෙක් නෙමෙයි එයා. පැනල ගියපු කෙනෙක්. රජයේ බදු මුදල් වලින් නිල නිවාස, නිල වාහන නිල ආරක්ෂකයින්, එයාට දෙන්න මොන පදනමකින්ද?

මේ ඉදිරිපත් කරලා තියෙන අයවැයෙන්, ගෙනත් තියෙන බදු ප්‍රතිසංස්කරණ පනත් වලින් කරන්නේ වක්‍ර බදු වැඩි කරන එක. යහපාලන ආණ්ඩුව කාලේ මංගල සමරවීර ඇමතිතුමා සෘජු බදු වැඩි කරලා වක්‍ර බදු අඩුකර මේක සමපාත කරන තැනකට තමයි අරන් ආවේ. ඒකෙ එක් අවස්ථාවක් තමයි මිල සූත්‍රය අනුව තෙල් මිල වෙනස් කරපු එක. පොහොට්ටුවේ කට්ටිය හිනා උනා ඒකට. ඒකේ විපාක අද විඳිනවා.

මේ ගොල්ලෝ ඇමතිකම් වල වරප්‍රසාද විඳිද්දී, අඩු ආදායම් ලබන මිනිස්සු දෙවේලක් කාපු අය එක වේලක් ලෙව කන තත්ත්වයට පත් වෙලා තියෙනවා. තෙල් තමයි කේන්ද්‍රීය ප්‍රශ්නය. තෙල් ප්‍රශ්නය යම් දුරකට විසඳන්න පුළුවන් නම් ඉතුරු ප්‍රශ්න ටික සාපේක්ෂව විසඳන්න පුළුවන්. තෙල් ඇමතිතුමා පුළුවන්නං මැදපෙරදිග රටකින් credit line එකක් ගන්න. යන්න බෑනේ. ජාතිවාදය අවුස්සලා රටේ ප්‍රශ්න ඇති කරලා ජාත්‍යන්තරයට නෝන්ඩි වෙලා ඉන්නේ. ඒකට සහයෝගය ඕන්නං කියන්න අපි දෙන්නම්.

– Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?