Latestදේශීය

රනිල් තමයි සුදුස්සා – මහින්දානන්ද අළුත්ගමගේ

රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිවරයා විමෙන් පසු අධික ලෙස මිල ඉහල ගොස් තිබු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසකම මිල මේ වන විට අඩු කර වි ඇති බව හිටපු අමාත්‍ය සහ පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බැව් කියා සිටියේ නාවලපිටිය ආසනයේ වැලිගම්පොල ප්‍රදේශයේදි රටේ පවතින වත්මන් තත්ත්වය පිලිබදව ජනතාව දැනුවත් කිරිම සදහා  පැවති ජන හමුවකදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා විමෙන් පසු එක්සත් ජාතික පක්ෂය ප්‍රවර්ධනය කිරිමට හෝ එම පක්ෂයේ සමාජිකත්වය ඉහල දැමිමට කටයුතු නොකර රටේ ආර්ථික තත්ත්වය ඉහල දැමිමට පියවර ගනිමින් සිටින බවයි.

රටේ පැවති ගැස් සහ ඉන්ධන පොලිම් නැති කල බවත්, ඉදිරි වසර 2 ½ තුල රටේ පවතින ආර්ථික තත්ත්වය ඉහල දැමිමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගන්නා බවයි.

ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 43ක් සිටි බවත්, තිස්සමහරාමයේ ප්‍රාදේශිය සභාවේ බලය හිමි වි තිබු බවත්, මේ රටේ කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් ජනාතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයෙකු කටයුතු කල බවත්, එවැනි බලයක් හිමිව තිබියදි මේ රටට කිසිවක් නොකල බවත්, එවැනි පිරිසකට මේ රටේ පාලන බලය කිසිසෙත් ලබාගත නොහැකි බවයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ.

මෙම අවස්තාවට මහනුවර දිස්ත්‍රික් පා.ම ගුණතිලක රාජපක්ෂ මහතාද සහභාගි විය.

– රංජිත් රාජපක්ෂ

Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?