Latestදේශීය

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ තොරතුරු පරිශීලනය කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවසර

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පරිශීලනය කිරීම සඳහා අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළව අවබෝධතා ගිවිසුමක් අද (28) දින අත්සන් කර ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ, අධ්‍යක්ෂක මණ්ඩල සමාජික ජෙෆ් ගුණවර්ධන, පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ කොමසාරිස් වියානි ගුණතිලක  යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වීඇත.

රැකියාවන් සඳහා විදෙස්ගතවන  පුද්ගලයින් ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් හැඳුනුම්පත් සහ ගමන් බලපත්‍ර සකස් කර විදේශගතවීම වැළැක්වීම සඳහා එම පියවර ගෙන තිබෙනවා. 

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ විවිධ හේතු පදනම් කරගෙන විදේශගතවන පුද්ගලයන් තම සත්‍ය තොරතුරු වෙනස් කර ව්‍යාජ උප්පැන්න සහතික,හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කර විදේශගත වන බවයි.

එසේ විදේශගත වු පුද්ගලයන් විවිධ ගැටළුවලට මුහුණ දුන් අවස්ථා ද වර්තාවී ඇති බැවින් මෙම තීරණය ගත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සැක සහිත හැඳුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ක්ෂණිකව පරීක්ෂා කිරීමට ක්‍රමවේදයක් මෙතක් නොපැවති අතර සමාන්‍යයෙන් සිදුකරනු ලබන්නේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම්දී සත්‍ය තොරතුරු තහවුරු කර ගැනීමයි. මෙම අවබෝධතා ගිවිසුමට අනුව සැකසහිත පුද්ගලයින්ගේ තොරතුරු ක්ෂණිකව පරික්ෂා කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේනතුවේ පරිගණක දත්ත පද්ධතිය පරිශීලනය කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවසර හිමි වනවා. 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?