Latestදේශීය

අද (24)කාලගුණ වාර්තාව

දිනයට නියමිත කාලගුණ වාර්තාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව අද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත් මහනුවර ,නුවරඑළිය ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.

එසේම ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර උතුරු ,නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් දකුණු වෙරළබඩ ප්‍රදේශ වලත්, උදෑසන කාලයේ දී වැසි ඇතිවීමේ හැකියාව පවතින බව එම නිවේදනය මගින් දක්වා තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?