Latestදේශීය

මැතිවරණයක් නීත්‍යානුකූල කැඳවා නැත්නම් එජාපය නාම යෝජනා දුන්නේ ඇයි?

මැතිවරණය නීත්‍යානුකූලව කැඳවා නැතිනම් එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයට අලියා ලකුණින් නාමයෝජනා භාර දුන්නේ ඇයි දැයි කියා ප්‍රශ්න කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ ( 23දා) පැවසීය.
මැතිවරණ කොමිසම නීත්‍යානුකූලව පළාත් පාලන මැතිවරණයක් කැඳවා නැති බවට
ජනාධිපතිවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී දැක්වූ අදහස් පිළිබඳව සිය ස්ථාවරය පැවසීමට නුගේගොඩ එම පක්ෂ මූලස්ථානයේ දී ඊයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීවේය.
ජයගොඩ මහතා මෙසේද කීවේය.
මේක නීත්‍යානුකූල මැතිවරණයක් නෙවෙයි නම් එක්සත් ජාතික පක්ෂය ඇප බැන්දෙ ඇයි, නාමයෝජනා දුන්නේ ඇයි කියා අපි ප්‍රශ්න කරනවා. මැතිවරණ තියන්න සල්ලි නෑ කියලත් ජනාධිපති කියනවා. එහෙම බැලුවොත් හැම මැතිවරණයකට ම ඔහු මෙම තර්කය අදාළ කර ගනීවි. සල්ලි නෑ කියලා කවදාවත් ඡන්ද තියෙන එකක් නෑ. ආර්ථික අර්බුදය සම්පූර්ණ වශයෙන්ම විසඳෙන්න තව අවුරුදු දහයක් විතර යයි කියලයි මහ බැංකු අධිපති කියන්නේ. ජනාධිපතිවරයා හදන්නේ එතකම් ම ඡන්ද නොතියා ඉන්නද. ඇමෙරිකානු විප්ලවයේ සටන් සටන්පාඨය වුණේ ‘නියෝජනයක් නැත්නම් බදු ගෙවන්නේ නෑ’ කියන එකයි. දැන් අපිටත් ඒයි ස්ථාවරයට යන්න වෙලා තියෙනවා.
(දිවයින – අනුරාධ හිරිපිටියගේ )

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?