Latestදේශීය

ප්‍රමාද නොකර මැතිවරණය පවත්වන්න: සෙනෙට් මණ්ඩලය

තවදුරටත් ප්‍රමාද නොකර මැතිවරණය පවත්වන ලෙස ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා.

 ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔවුන් අවධාරණය කළේ නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසයි.

 ශ්‍රී ලංකාවේ ජනතාවගේ හඬ උදුරා ගැනීමට ගන්නා ඕනෑම ප්‍රයත්නයක් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක් බවද ඔවුන් අවධාරණය කර සිටිනවා.

 මැතිවරණය පැවැත්වීම ප්‍රමාද කිරීම ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ද මෙම ටුවිටර් පණිවිඩය මගින් සෙනෙට් මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුව අවධාරණය කර සිටිනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?