Latestදේශීය

G20 – විදේශ අමාත්‍යවරුන්ගේ සැසිවාරය අද (02)

1999 වසරේ ආරම්භ වූ G 20 සමුළුව මහ බැංකු අධිපතිවරුන්ගේ සහ විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන සැසියකි. මෙවර G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිවාරය අද (02) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ වේ.

එම රැස්වීමට සහභාගී වීම සඳහා G20 රටවල විදේශ අමාත්‍යවරුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ තිබු අතර රුසියානු විදේශ අමාත්‍ය Sergey Lavrov, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Antony Blinken සහ චීන විදේශ අමාත්‍ය Qin Gang ඇතුළු නියෝජිතයින් 40 දෙනෙකු සැසිය සදහා සහභාගී වන බව විදෙස් වාර්තා සදහන් කරයි.

රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් පැනනැගී ඇති ගෝලීය ගැටලු සහ අභියෝග පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් වාර්තාවල සඳහන් කරයි.විශේෂයෙන්ම එම ගැටුම්වලින් කලාපිය ආර්ථිකය මත සිදු වූ බලපෑම කෙරෙහි ඔවුන් අවධානය යොමු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. මෙ වන විට විවිධ රටවල් රුසියාවේ යුක්රේන ආක්‍රමණය පිලිබද තම ස්ථාවරයන් පිලිබද අදහස් පල කර තිබේ.

ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින්, යුක්රේනය සම්බන්ධයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක් අනුගමනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?