Latestදේශීය

මානව හිමිකම් කොමිසම ගොනුකල පෙත්සම සලකා බලනතුරු විදුලිය කප්පාදුවක් නැහැ: මණ්ඩලය ප්‍රතිඥා දෙයි

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලි කප්පාදුවක් නොකරන බවට බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව ලබාදුන් එකඟතාව කඩකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනුකළ නඩුව අද  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ගොනුකල පෙත්සම සලකා බලන තුරු යලි  විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබෙනවා.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවා තිබුණා.

ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා තිබෙන්නේ මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් තම සේවාදායකයින් උපදෙස් ලබා ගැනීම සඳහා කාලය අවශ්‍ය බැවින් පෙත්සම හෙට දින නැවත කැඳවන ලෙසයි.

එහිදී විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙය හදිසි කටයුත්තක් බැවින් කල් දැමීම සුදුසු නොවන බව පෙන්වා දී තිබෙනවා.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවක දී විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සඳහන් කළේ  විභාග කාලසීමාවේ විදුලි කප්පාදුව නතර කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?