දේශීය

ලොව විශාලම මගී ප්‍රවාහන ගුවන් යානය කටුනායකට

අද (05) අලුයම ලොව විශාලතම මගී ගුවන් යානය වන එයාර් බස් ඒ 380 – 800 වර්ගයේ යානය  කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ ඇත.

EK 449 දරණ එම ගුවන් යානය, නවසීලන්තයේ ඔක්ලන්ඩ් සිට ඩුබායි බලා පියාසර කරමින් තිබියදී ඉන්ධන ලබා ගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්ධන  ලීටර් 62,800ක් යානය ලබාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් එක් කෝටි හැට අට ලක්ෂයක් පමණ වන බවයි සඳහන් වන්නේ.

ඉන්ධන ලබා ගැනීමෙන් පසුව යානය යළි ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර ලොව විශාලතම මගී ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට  පැමිණි 3 වැනි අවස්ථාව මෙය බවද වාර්තා වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?