Latestදේශීය

විපක්ෂය හෙට මැතිවරණකොමිසමට

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට දිනයේ මැතිවරණ කොමිෂන් සභාවේ නිළධාරීන් හමුවීමට තීරණය කර ඇත.

 කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව අදාළ හමුවීම පිළිබඳ දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

 අදාල ලියවිල්ල විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් නම දෙනෙකු ගේ අත්සනින් යුක්තව යොමුකොට ඇත. මාර්තු මස 21 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසයි එම මන්ත්‍රීවරුන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

 ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා හෙට පෙරවරු 9.00ට මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත පැමිණෙන බවයි ඔවුන් වැඩි දුරටත් සිය  ලිපිය මගින් දැනුම් දී තිබෙන්නේ.

 මේ අතර පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා රජයේ මුද්‍රණාලාධිපති නිය සහ පොලිස්පතිවරයාද හෙට දිනයේ මැතිවරණ මැතිවරණ කොමිෂන් සභාව කැඳවා ඇති බව වාර්තා වේ.

 අදාළ නිලධාරීන් සමඟ හෙට දිනයේ දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් රැස්වී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

 මේ අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා සඳහන් කර සිටියේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිසම කඩිනමින් පියවර ගත යුතුව තිබෙන බවයි

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?