Latestදේශීය

ඊයේ (28) රාත්‍රී අහසේ ග්‍රහලෝක පහක් එක පෙළට


ග්‍රහලෝක පහක් එක පෙළට දැකබලාගැනීමේ දුර්ලභ අවස්ථාවක් ඊයේ (28) රාත්‍රියේ පෘථිවිවාසීන්ට හිමි වුණා.

ඒ අනුව බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ යුරේනස් බටහිර අහසේ සූර්යා බැසයාමෙන් පසු දැකගත හැකිවූ බවයි නාසා ආයතනය සදහන් කරන්නේ. චන්ද්‍රයා ආසන්නයෙන් බුද ග්‍රහයා දැකගත හැකිවූ අතර, ඉතාමත්ම දීප්තියෙන් බ්‍රහස්පති ග්‍රහයා ද දිස්වූණා.මද දීප්තියකින් යුරේනස් ග්‍රහ ලොව සිකුරු ග්‍රහයා අසළින් දිස්වූණා.

මේ අතර මෙවැනි සිදුවීමක් වසර 40 කටවත් දැකබලාගත හැකි නොවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?