Latestදේශීය

කොත්තු දානවා වගේ ඩොලර් වන්දි ගන්න බැහැ

X-Press Pearl නෞකාව මෙරට මුහුදු තීරයේදි ගිනිගෙන විනාශ වීමෙන් සිදු වූ හානියට ඩොලර් කෝටි 640ක වන්දි ලබා ගැනීමේ නඩු පැවරීම “කොත්තු දානවා වගේ” කළ නොහැකි බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ දිවයින පුවත්පතට ප්‍රකාශ කර ඇත.

අද (20) සිට දින 29ක් අතුළත අදාල වන්දි නඩුව පැවරිය යුතු බවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳව එම පුවත්පත අධිකරණ ඇමතිවරයාගෙන් විමසූ අවස්ථාවේදී එසේ ප්‍රකාශ කර තිබේ. “පිටු දහස් ගණනකින් සමන්විත වාර්තාව කියවා බලා ගතයුතු පියවර කොත්තු දමල ලෙස කඩිමුඩියේ කළ නොහැකි…” බව ඇමති ප්‍රකාශ කර තිබේ.

මෙම නෞකාව 2021 මැයි 20 වනදා කොළඹ වරාය ආසන්නයේදී ගිනිගෙන විනාශ විය. එයට අදාල වන්දි ලබා ගැනීම සඳහා 40 දෙනෙකුගෙන් විශේෂඥ කමිටුවක් පත් කර තිබිණි. ඔවුන්ගේ වාර්තාව 2023 ජනවාරි මාසයේදී අධිකරණ අමාත්‍යාංශයට බාර දී ඇත. එහෙත් මේ දක්වා එම නඩු පැවරීමේ ක්‍රියාවලියට අදාල කටයුතු ප්‍රමුඛතා පදනම මත සිදු කර නොමැති බව අනාවරණය වේ. ඒ අතර වන්දි නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඩොලර් මිලියන 250ක අල්ලස් මුදලක් බලධාරියෙකු විසින් ලබාගෙන ඇති බව ඇමති විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කර තිබිණි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?