Latestදේශීය

ජල විදුලි විප්ලවය

ජලය පමණක් භාවිතා කරමින් විදුලිය උත්පාදනය කරන නවීන තාක්ෂණයෙන් යුත් විදුලි ජනන යන්ත්‍රයක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත.

ජපානයේ නිෂ්පාදනය කරන ලද මෙම නව විදුලි ජනන යන්ත්‍රය මගින් ජලය ලීටරයක පමණ ප්‍රමාණයක් භාවිතයෙන් සාමාන්‍ය ප‍්‍රමාණයේ නිවසකට පැය විසි හතරකට අවශ්‍ය විදුලිය පහසුවෙන් ජනනය කළ හැකිය.

එම ජනන යන්ත්‍රය මෙරටට හඳුන්වා දුන් ‘ග‍්‍රීන් ශ්‍රී ලංකා සස්ටේනබල් සොලියුෂන්ස්’ සමාගම පවසන්නේ ලෝකයම බලශක්ති අර්බුදයට මුහුණ පා සිටින මෙවන් අවස්ථාවක ජලය වැනි අඩු වියදමකින් පරිසර හිතකාමි ලෙස විදුලි ජනනය කළ හැකි වීම සුවිශේෂී බවයි.

ජපානයේ ‘ග්ලෝබල් ලින්ක්’ සමාගම් විසින් නිපදවා ඇති මෙම ජනන යන්ත‍්‍රයට ජලය එකම අමු ද‍්‍රව්‍ය ලෙස භාවිතා කරමින් ජලයෙන් හයිඩ්‍රජන් වායුව වෙන් කරගෙන විදුලිය නිපදවයි.

ජනන යන්ත්‍රය අභ්‍යන්තර යන්ත්‍ර නැති නිසා අලුත්වැඩියාවක් නොමැති අතර විදුලි උත්පාදන යන්ත්‍රය ඉතා නිහඬ ක්‍රියාකාරීත්වයකින් යුක්තය.

මෙම යන්ත්‍රයෙන් ඔක්සිජන් වායුව පරිසරයට මුදා හැරෙන නිසා පරිසර හිතකාමී යන්ත්‍රයක්ද වෙයි.

යන්ත්‍රය සදහා වැය කරන මුදල වසර පහකින් පමණ ආවරණය කළ හැකි අතර ඉන්පසු ජනනය කර ගන්නා විදුලිය සම්පූර්ණයෙන් ම ලාභදායී බව සමාගම සඳහන් කරයි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?