Latestදේශීය

සැලසිනෙ නිෂ්පාදන අංශය වසා දැමීමට සැරසේ

1982 පෙබරවාරි 1 වන දින, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ අධිකාරිය යටතේ ආරම්භ කරන ලද සැලසිනෙ ආයතනය , 1982 සිට 1989 දක්වා කඩිනම් මහවැලි ව්‍යාපෘතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කාර්යය ඉටු කළ රාජ්‍ය ප්‍රචාරක ආයතනය යි.

1989 ජනසවිය වැඩසටහනේ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට 1989.08.19 දින අංක 832/15 දරන අති විශේෂ ගැසට් නිවේදනය මගින් සැලසිනෙ ආයතනය විෂය පථය යටතට පත් කළා. එතැන් පටන් විවිධ අමාත්‍යංශ විෂය පථ යටතට ගැණුනු ආයතනය 2005.12.08 දින අංක 1422/22 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් සැලසිනෙටෙලිවිෂන් ආයතනය පිහිටුවන ලැබුවා. ඒ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ. ඉන් අනතුරුව 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ සැලසිනෙ රජය සතු පොදු සමාගමක් බවට පත් කළේ 2008.03.26 දින අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කරමින්.

මෙතෙතෙ කලක් රාජ්‍ය අංශයේ වීඩියෝ නිෂ්පාදන සඳහා ප්‍රමුඛතම සහ ලාභ ලබන ආයතනය වූ මෙහි නිෂ්පාදන අංශය වසාදැමිමට තීිරණය කර ඇති බවයි කියන්නේ. වසර 18ක් පැරණි එම අංශයේ සේවකයන් ඉවත් කිරීම මේ මස 30 වෙනිදා සිදු කෙරෙන බවට ලිපි ලබා දී ඇති බවයි එහි පිරිස් පවසන්නේ.

“මේක පාඩු ලබපු ආයතනයක් නෙමෙයි. ලාභ ලබපු, ලාභ ලබන ආයතනයක්. හැබැයි සභාපතිවරයාගේ, සාමාන්‍යධිකාරිවරයාගේ සහ අලෙවි කළමනාකරුගේ අකාර්යක්‍ෂම නොදැනුවත්කම නිසා දැන් විවිධ ගැටළු ඇතිකරගෙන තියෙන තැනක්. රජය විසින් සැලසිනෙ ආරම්භකළ මුලික පරමාර්ථයටම සභාපතිවරයාගේ පෞද්ගලික අවශ්‍යතාවය මත පයින් ගහලා.

රජයේ ආයතන ගණනාවක කාලයක් පුරාම සැලසිනෙ කළ වීඩියෝ නිෂ්පාදන දැන් ආයතනයට දෙන්න එපා කියනවා. පහුගිය දෙසැම්බර් මාසයේ අමාත්‍යවරයාගේ ඉල්ලිමකට අනුව අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණයකින් තමයි දැන් මේ ආයතයේ සේවකයන් ඉවත් කරන්න හදන්නේ.

මේ තීරණය දන ගත්තහම අපි ආයතනය තව දුරටත් ලාභදායී විදිහට කරගෙන යන්න මාස තුනක සැලැස්මක් ඉදිරිපත් කළා. හැබැයි ඒක කිසි කෙනෙක් ඒක ගණන් ගන්නෙවත් නැහැ.

සභාපති හරිත් ගුණවර්ධන. ඔහු ඒ පුටුවට ආවේ ඩලස් අලහප්පෙරුම ඇමතිතුමාගේ කාලේ. රාජ්‍ය සේවයේ විශ්‍රාමික ඩබ්.එල්.ඒ.කේ.ඒ. ගුණතිලක සාමාන්‍යධිකාරිවරයා. මේ දෙන්නම කරන්නේ පහළ ශ්‍රේණියේ සේවක වරප්‍රසාද කප්පාදුවත් ඔවුන් ඉවත්කිරීමේ ක්‍රියාවලියත් පවත්වාගෙන යාම.

ඒ නිසා තමයි සමස්ත ආයතනයටම විශාල වශයෙන් ආදායම් උපයන නිෂ්පාදන අංශය වසාදාන්න තීරණය කරන්නේ. මේකට හේතුව අපේ ආයතනයට ලැබෙන නිෂ්පාදන ඒ ඒ අයගේ හිතවත් ආයතනවලට ලබාදීමේ උවමනාව. දැනටත් මේ අය ආයතනය තුළ ලාභදායිව කළ හැකි නිෂ්පාදන කටයුතු එකම පුද්ගලයෙකුගේ ආයතනයක් වෙත විවිධ නම් වලින් ලබා දෙනවා. මේවා පිළිබඳව අපි තොරතුරු දුන්නත් වැඩක් නැහැ.

2017 එක්ක සංසන්ධනය කරද්දී කොවිඩ් නිසා රට වහපු 2020ට අමතරව, අඩුම ආදායමක් උපයා ගත්තේ 2022 දී. 2017, 2018, 2019 වසර හා සැසඳීමේ දී ආදායම අඩකටත් වඩා අඩුයි. ඒ වර්තමාන සභාපතිවරයා, සාමාන්‍යාධිකාරීවරයා, අලෙවි අංශයේ ප්‍රධානියාගේ දුර්වලතාව නිසා. ඒකට නිෂ්පාදන අංශයවත් සේවකයන්වත් පළි නැහැ. හොඳම උදාහරණය තමයි ජාතික ලොතරැයි මණ්ඩල දිනුම් ඇදිම අපෙන් ඉවත් කිරීම. එක තනිකරම සභාපතිවරයා සහ සාමාන්‍යධිකාරිවරයාගේ උද්දච්ච කම නිසාම වෙච්ච දෙයක්. අහිමි වුවකි. මේ අය වැඩ කරන්නේ නිෂ්පාදන අංශයේ හරි සෙසු කාර්යය මණ්ඩලයේ හරි කිසිම විමසීමක් කරන්නේ නැතුව තනි මතයට.

මුළු සැලසිනෙ ආයතනයේ ම වාර්ෂික ආදායමෙන් සියයට 50කට ආසන්න ලාභ ප්‍රතිශතයක් උපයන්නේ මේ වහලා දාන්න හදන නිෂ්පාදන අංශයෙන්. දැන් මේ අය කරන්නේ ආයතනයට එන වැඩ පිටතට දීලා ඒ ගැන වාර්තාවක් අරගෙන ‘මේකේ වැඩ කරන්න බැහැ. එන වැඩ ටිකත් කරගන්නේ පිටට දීලා’ කියන එක තහවුරු කරන්න.

ඇත්තටම ආයතනයේ වියදම් කප්පාදු කරනවානම් කරන්න ඕනේ ආදායම් නොගෙනෙන අංශ ගැන අවධානය යොමු කරන එක. හැබැයි ඒ වෙනුවට කරන්නේ ආදායම ගෙනෙන නිෂ්පාදන අංශය වහලා දාන්න සැලසුම් කරන එක” යි සැලසිනෙ ආයතනයේ ඉරණම ගැන එහි සේවකයන් පවසනවා.

@A5 News Sri Lanka

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?