Latestදේශීය

අනීතික ස්ථාන මාරුවට යටත් වෙන්නේ නැහැ – අජිත් රෝහණ

දකුණු පළාතේ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වෙත ලිපියක් යොමුකර තිබේ.

“අනීතික ස්ථාන මාරුවීම් නියෝගය – බලාතික්‍රමණය” කිරීම යන ලිපි ශීර්ෂපාඨය යටතේ එම ලිපිය යොමුකර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ලබාදී ඇති ස්ථානමාරු වීම් නියෝගය ක්‍රියාත්මක කිරීමට තමා බැඳී නොමැති බවය.

ඊයේ (25) දිනයේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු හත් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබු අතර ජාතික පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතාව මත මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විසින් එම මාරුකිරීම් සිදුකර තිබුණි.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

මේ අතර අජිත් රෝහණ මහතා සිය ස්ථාන මාරුව සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යවා තිබේ.

එහි දැක්වෙන්නේ තමාව ස්ථාන මාරුව ද්වේෂසහගත, අසාධාරණ සහ සාධාරණීකරණය කළ නොහැකි ස්ථාන මාරුවක් බවය.  

ඔහු සිය ලිපියෙන් පවසන්නේ, “මහජන ආරක්ෂාව භාර අමාත්‍ය ගරු ටිරාන් අලස් මහතා මාව නැගෙනහිර පළාත ට මාරු කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව හෙළිවෙයි. අමාත්‍යවරයාගේ එම තීරණය ද්වේෂසහගත, හිතුවක්කාර සහ සාධාරණීකරණය කළ නොහැකි තීරණයක්,” යනුවෙනි.

අජිත් රෝහණ මහතා පවසන්නේ අමාත්‍යවරයා මෙම සියලුම ද්වේශසහගත දේ කරනු ලබන්නේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට හිරිහැර කිරීමට සහ එක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ව ආරක්ෂා කිරීමට බවය.

එබැවින් තමාගේ ගැටලුව සම්බන්ධයෙන් සලකා බලා තම ස්ථාන මාරුව සම්බන්ධයෙන් ලබාදී ඇති ද්වේශ සහගත නිර්දේශය අනුමත නොකරන්නේ නම් මැනවයි යනුවෙන් අජිත් රෝහණ මහතා ජාතික පොලිස් කොමිසමට යොමුකළ ලිපියෙහි දැක්වෙයි.

එම සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?