Latestදේශීය

දූෂණ විරෝධී හඬ සංවිධානය ‌පොලිස්පති හමුවට

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ විසින් හෙළිකරන ලද Xpress Perl නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ හානියට වන්දි ලබා නොගැනීම සඳහා චාමර ගුණසේකර නැමැත්තෙකු ඩොලර් මිලියන 250ක කප්පම් ලබා ගැනීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන ලෙස දූෂණ විරෝධී හඬ සංවිධානය පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.

අද (26) නීතිඥ සුනිල් වටගල ඇතුළු නීතිඥ කණ්ඩායමක් සහ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ඇතුළු නියෝජිතයින් පිරිසක් මෙම පැමිණිල්ල කරනු ලැබීය. අධිකරණ ඇමතිවරයා අදාළ සිදුවීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සහ පාර්ලිමේන්තුවේදීද කරුණු ඉදිරිපත් කර ඇති බැවින් පරීක්ෂණ පැවැත්වීම ඉතා පහසු වී ඇති බව නීතිඥ කණ්ඩායම පෙන්වා දී තිබේ.

පැමිණිල්ල කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ නීතිඥ සුනිල් වටගල ප්‍රශ්න කරමින් සිංගප්පූරුවේ නඩු පවරන්නේ කුමක් නිසාද? මෙම නඩු පැවරීම මඟින් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට ජාත්‍යන්තර වශයෙන් පවතින පිළිගැනීම අභියෝගයට ලක් නොවන්නේ දැයි විමසීය.

වසන්ත සමරසිංහ ” මෙම නඩුව පවත්වාගෙන යාම සඳහා සිංගප්පූරුවේ නීතිඥයින්ට ඩොලර්වලින් ගාස්තු ගෙවන්නේ කෙසේදැයි” ප්‍රශ්න කළේය. එසේම ඩොලර් මිලියන 250ක කප්පම් ලබා ගත් බව ප්‍රචාරය කරමින් අවම වශයෙන් ඩොලර් මිලියන 6400ක වන්දියක් මහා භාණ්ඩාගාරයට ලැබීම වැළැක්වීමේ ක්‍රියාවලියක් දියත් කර තිබෙන්නේ දැයි බරපතළ සැකයක් මතුවී ඇති බව වැඩිදුරටත් පැවසීය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?