Latestදේශීය

අද සවස තද වැසි

අපරභාගයේදී ඇතිවන ගිගුරුම් සහිත වැසි තත්වයේ සැලකිය යුතු වැඩිවීමක් අපේක්ෂා කෙරේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැක.

නැගෙනහිර පළාතේ සහ මුලතිවු සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?