Latestදේශීය

කෝටි 3900ක තවත් වෛද්‍ය උපකරණ තොගයක් රටට අහිමි වෙයි

එංගලන්ත රජයේ ජාතික සෞඛ්‍ය සේවය මගින් මෙරටට ප්‍රධානය කිරීමට සැලසුම් කර තිබූ රුපියල් කෝටි 3,900ක පමණ වෛද්‍ය උපකරණ තොගයක් ඇමතිවරයා සහ නිලධාරීන්ගේ සැලසුම් සහගත කුමන්ත්‍රණයකින් රටට අහිමිවී ඇත.

මෙම උපකරණ තොගය මෙරටට ලබා ගැනීම සඳහා මැදිහත් වන ලෙස රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ඇමතිවරයා ප්‍රමුඛ නිලධාරීන්ට අවස්ථා කීපයකදී දැනුම් දී තිබුණත් එය සම්පූර්ණයෙන් නොතකා හරින ලදී. නැව් ගාස්තු නිෂ්කාශන ගාස්තු ඇතුළු රුපියල් කෝටි 12කට අඩු සේවා ගාස්තු පමණක් ගෙවීමෙන් ඖෂධ ඇතුළු මෙම උපකරණ තොගය ලබා ගැනීමට අවස්ථාව හිමිවී තිබිණි.

එහෙත්, අදාළ කුමන්ත්‍රණකරුවන් විසින් රෝගී ජීවිත බිලි දී ජාවාරම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් ඒ සියල්ල රටට අහිමි විය.

මෙයට පෙර අවස්ථාවකදී ද පරිත්‍යාග ලෙසින් මෙරටට ලැබුණු පිළිකා නාශක අත්‍යාවශ්‍ය ඖෂධ තොගයක් මේ ජාවාරම්කරුවන්ගේ කුමන්ත්‍රණ නිසා රේගු ගබඩාවල රඳවා තබා විනාශ වී තිබිණි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?