Latestදේශීය

ගොල්ෆේස් අරගලය ඇත්ත අරගලය යටපත් කළ කුමන්ත්‍රණයක්

ගාලුමුවදොර අරගලය කියන්නේ ඇත්ත අරගලය යටපත් කරන්න හදපු කුමන්ත්‍රණයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හා කම්කරු මධ්‍යස්ථානයේ කේ. ඩි . ලාල් කාන්ත පවසයි .

“ගොවින්ට පොහොර දෙන්න බැරි ආණ්ඩුව පන්නමු” කියලා මුලින්ම කිව්වේ අපි බවත් අපි එහෙම කියනකොට නායකයෙකු හෝ පක්ෂයක් නැති පිරිසක් ගෝඨාභය පන්නමු කියන කොට සැකයක් ඇති වුන බවත් කුමන්තුණයේ මුල මැද අග නොදැන සිටියත් ඔවුන්ගේ හැසිරීමෙන් සැකය තහවුරු වුනු බව ලාල් කාන්ත පැවැසීය .

ගෝඨා ගෝ හෝම් දැන් හරිනේ , ගෝඨා ගෝ හෝම් ගෙනාවේ රනිල් වික්‍රමසිංහ ගෙන ඒමට බවත් ගෝඨා යන කොටම පාර්ලිමේන්තුව විසුරුවා හරිමු කියාලා අපි යෝජනා කරන කොට අරගලයේ කට්ටිය විරුද්ධ වු බවත් අරගලයේ කට්ටිය පාර්ලිමේන්තුවට විරුද්ධ වුණේ වික්‍රමසිංහ ගෙන්න පාර්ලිමේන්තුව අවශ්‍ය නිසා බව ලාල් කාන්ත පෙන්වා දුන්නේය .

ලාල් කාන්ත ඒසේ පැවැසුවේ යුබියුබ් නාලිකාවක් සමග පැවති සාකච්ජාවකදීය .

ලාල් කාන්ත වැඩිදුරටත් මෙසේ පැවැසීය .

අපි අරගලයට බහින්නේ ඒ ලයින් එක පාද ගන්න . අපි දිගටම කිවිවෙි පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා . අපෙන් පැනලා ගිය මහ විප්ලවවාදීන් කට්ටිය කිව්වා පාර්ලිමේන්තුව තිබ්බදෙන් අපි එළියෙන් මොනවාහරි කරමු කියලා . එගොල්ලෝ පාර්ලමේන්තුව තියා ගත්තේ වික්‍රමසිංහව ගෙන්න . පාර්ලිමේන්තුව විසුරුවා හැරියා නම් ,ජනතා ජයග්‍රනයක් අත්පත් කර ගන්න තිබුණා . දැන් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න අවශ්‍ය නැහැ කියලා කට්ටිය කිව්වා .

ගාලුමුවදොර අරගලයේ ලයින් එක දැන ගත්ත නිසා ජවිපේ අපි කිවිවා නායකයෙක් නැති මෙහෙයුමක් නැති දේවල් වලට යන කොට පරිස්සම් වෙන්න කියලා . මොකද අපි මේකට නායකත්වය නොදුන් නිසා .

ජවිපෙ තරුණ සංගමය , කලා සංගමය අරගලයට සම්බන්ධ වෙලා හිටියා .ජවිපෙ විධියට අරගලයට සම්බන්ධ වෙන්නේ මැයි 09 වෙනිදා මහින්දලේ මැරයෝ එල්ල කළ ප්‍රහාරයත් සමග . අනුර , නලින් ජයතිස්ස සහ හදුන්හෙත්ති සහ මම ගොල්ෆේෂ් ගියා .

ඹක්කෝම අරගල ප්‍රගතීශිලීත් නැහැ . විප්ලවවාදීත් නැහැ එකට හොදම උද්‍රහරණය ගාලුමුවදොර අරගලයයි .

ගෝඨාභය යවලා වික්‍රමසිංහ එන එක වළක්වන්න තිබු හොදම අවස්ථාව පාර්ලිමේන්තුව විසුරුවා හරින එක .

අපි ඒ ලයින් එක ගන්න කොට ,ඒක කඩාකප්පල් කරන්න තමයි ගෝඨා ගියාහම ඇති කියලා පාර්ලිමේන්තු වට කරන්න අපි කියන කොට ඒතැන ගැටුමක් ඇති කළේ . අපි පාර්ලිමේන්තුව වටලන්න කිවිවේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා කතානායක පුටුවේ ඉද ගන්න නොවෙයි .

ගෝඨාභ රටින් පැනලා ගිය වෙලාවේ ,ඒ ජනතාව පාර්ලිමේන්තු දෙසට මෙහෙයුවා නම් , අද මේ කතාව ලියන්නේ මේ විධියට නොවේ . ඒ වෙනස් විධියට ලිය එක නැවැත්තුවේ අපිටත් වඩා මහ විප්ලවවාදීන් ඒක වැළැක්කුවා .

අපෙන් පැනලා ගිය කට්ටිය කිව්වා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඔිනේ නැහැ කියලා .

මේ අය පාර්ලිමේන්තු ක්‍රමය විශ්වාස කරන්නෙත් නැහැ ,ඡන්ද විශ්වාස කරන්නෙත් නැහැ . මැතිවරණ විශ්වාස කරන්න නම් මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න ඔිනේ . මොකුත් කර ගන්න බැරි කමේ පුශ්නය තියෙන්නේ .

විමල් වීරවංශ අරගලය සම්බන්ධ අදහස මම අහලා තියෙනවා . පොත මම කියවලා නැහැ . හැබැයි ඔහු කියන කතාවේ යම් ප්‍රමානයක සත්‍යයක් තියෙනවා . ඇමරිකන් තානාධිපති අරගලයට මැදිහත් වුණා කියන කතාව ඇත්ත . අරගලය අවස්ථාවේ අනුර සහෝදරයා ඇමරිකන් තානාධිපති හමුවුණා ද කියන්න මම දන්නේ නැහැ . නමුත් ඇමරිකන් තානාධිපතිට අපිව හමු වන්න අවශ්‍ය නම් අපි සුදානම් . අපිට අවශ්‍ය නම් අපි කතා කරලා හමුවෙනවා .

අපේ ප්‍රධාන සැළසුම වුණේ ගෝඨාභය පන්නපු ගමන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීයා නම් වික්‍රමසිංහ බලයට එන්නේ නැහැ .මේ අයගේ බලය රැදිලා තියෙන්නේ විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ . ප්‍රාදේශීය සභාත් නැහැ . පළාත් සභාත් නැහැ . මේ අයගේ බලය තිබුණේ විධායකයේ ,ව්‍යවස්ථාදායකයේ සහ හමුදාව තුළයි .

වික්‍රමසිංහව බේරා ගත්තේ හමුදාවයි , හමුදාවේ ප්‍රධානීන්ට යම් දවසක තේරෙවි මේ හාදයා ද අපි බේරා ගත්තේ කියලා .

ගෝඨාභය පස්ස දොරෙන් පැනලා ගිය ගමන් අණ දෙන්න ඔිනේ , නමුත් ඒහෙම වුණේ නැහැ . ඒ වැඩේ සදහා අපි මැදිහත් වෙලා ආරම්භයක් ගමු කියලා තමයි පාර්ලිමේන්තුව වටරවුමට බැස්සේ . හදිස්සියේ බැස්සේ , ජනාධිපතිවරයෙක් පත් කරගන්න තිබුණේ ජලි 20 වෙනිදා .එක වළක්වමු කියන තැන අපි හිටියා .එක සාර්ථක කර ගන්න බැරි වුණා . අරගලයේ අය අරගලයේ නායකයෝ සමග මිස අපි සමග නොවෙයි .

@lankaskynew

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?