Latestදේශීය

50 වන ලෝක පරිසර දිනය අදට(05) යෙදී තිබෙනවා.

ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු යන්න මෙවර එහි තේමාව වී ඇත.

මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ ලෝක පරිසර දිනයට සමගාමීව අද දිනයේ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි.

එහි සභාපති සුපුන් එස් පතිරණ මහතා පැවසුවේ , මෙරට තුළ දෛනිකව ප්ලාස්ටික් මෙට්‍රික් ටොන් 900 ත් 950 ත් අතර ප්‍රමාණයක් පරිසරයට බැහැර කෙරෙන බවයි.

මෙරට ප්ලාස්ටික් හා පොලිතීන් ආනයනය කරන සියලු ආයතන හා පුද්ගලයින් අද සිට ලියාපදිංචිය කිරීම ආරම්භ කරන බව ද ඔහු සඳහන් කර සිටියා.

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන එම අධිකාරියේ සභාපති සුපුන් එච්. පතිරගේ මහතා,

සෑම වසරකම ජුනි 5 වෙනිදා ලෙස 1972 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයෙන් ගත්ත තීරණයකට අනුව පුරා වසර 50ක් තිස්සේ, පරිසර දිනය සැමරෙනවා. ලංකාවේ අපි ජගත් පරිසර දිනයේ, මෙවර තේමාව කාලීන මාතෘකාවක්. “ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” කියන මාතෘකාව ඔස්සේ වැඩසටහන් කිහිපයක් ජගත් පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක වෙනවා. ඒ යටතේ මධ්‍යම පරිස අධිකාරිය විසින් ලංකාව තුළට පොලිතින් සහ ප්ලාස්ටික් ගෙන එන ආයතන විදිමත් කිරීම හා එක්වරක් පමණක් භාවිත කර ඉවතල ප්ලාස්ටික් වර්ග 4ක් තහනම් කිරීම තුළින් ප්ලාස්ටික් නැණවත් භාවිතයකට හුරු කිරීමත් දැනුවත් කිරීමේ වැඩසටහන් ලංකාව පුරා මධ්‍යම පරිසර අධිකාරියෙන් ක්‍රියාත්මක කිරීම මඟින් පරිසර දිනය සැමරීමට නියමිතය. ප්‍රධාන උත්සවය කොළඹ පිටකොටුව ප්‍රදේශයේ අද උදෑසන සිට දහවල් 2 දක්වා පැවැත්වේ.”

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?