Latestදේශීය

විනය හැදීමේ පරිවර්තනීය අවශ්‍යතාවක් පවතිනවා: අධ්‍යාපන අමාත්‍ය

පාසල් පද්ධතිය තුළ පෙර පාසලේ සිට ම විනය හැදීමේ පරිවර්තනීය අවශ්‍යතාවක් පවතින අතර අධ්‍යාපන අමාත්‍යාංශය එහි පුරෝගාමී මෙහෙවරක් කරමින් පූර්වාදර්ශයක් සපයිය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අනිසි තරගයකින් තොරව අන්‍යෝන්‍ය ගරුත්වයක් සහිතව කටයුතු කිරීමට පාසලේ දී සිසුන් ලබන ශික්ෂණය, ඉදිරි සමාජ ප්‍රගමනයට මනා අඩිතාලමක් වන අතර ඒ සඳහා විදුහල්පතිවරයකු පාසල තුළ ප්‍රකට කරන නායකත්වය ප්‍රමුඛ දායකත්වයක් සපයන බවත් විශේෂයෙන් ම ප්‍රාථමික අධ්‍යාපනය සඳහා මනා පුහුණුවක් සහිත ගුරුවරුන්ගෙන්ද ඊට නොමඳ පිටුබලයක් ලැබෙන බව අමාත්‍යවරයා වඩිදුරටත් සඳහන් කරනවා.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ අධ්‍යාපන අමාත්‍යංශයේදී ආගමික උපදේශක මණ්ඩලයට නව සාමාජිකයන් පත් කිරීමේ අවස්ථාවට එක් වෙමින්

. සියලු ආගම් වලට අයත් සිසුන් අධ්‍යාපනය ලබන බොහෝ පාසල් ආගමික ගැටළුකාරී බවකින් තොරව පවතින අතර එවැනි ශික්ෂණයක් යටතේ විනයගරුකව අනෝන්‍ය ගරුත්වයකින් යුතුව පාසල තුළ හැදී වැඩෙන දරුවන් ඉදිරියේ දී සමාජය තුළද රැකියාවේ දී ද යහපත් පුරවැසියන් ලෙස සහජීවනයෙන් ජීවත් වන බව පෙන්වා දෙන අමාත්‍යවරයා මෙම තත්ත්වය සමස්ත පාසල් පද්ධතිය තුළ ම ක්‍රියාවට නැංවීම සඳහා සියලු ආගමික අංශ වලින් පුළුල් දායකත්වයක් ලැබිය යුතු බව ද පෙන්වා දෙනවා.

 ලක්ෂ හතළිස් දෙකක් ඉක්ම වූ පාසල් දරුවන් මාර්ගයෙන් සහජීවනය හා ආගමික සංහිදියාවේ පණිවිඩය සමස්ත සමාජය කරා ගෙන යා හැකි බව පවසන අමාත්‍යවරයා ඒ සඳහා යෝජනා ඉදිරිපත් කරන ලෙසද ඉල්ලා සිටිනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?