Latestක්‍රීඩාදේශීය

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය හෙට

ක්‍රීඩකයින් 360ක් ඉලක්ක කරගත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ මංගල ක්‍රීඩක වෙන්දේසිය හෙට (ජුනි 14) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.
ක්‍රිකට් ලෝකයේ ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම LPL තරඟාවලියේ ප්‍රථම වෙන්දේසියේදී කණ්ඩායමක ස්ථානයක් ලබා ගැනීම සඳහා ලියාපදිංචි වී ඇතිබව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය අදදින සඳහන් කළා.
ලියාපදිංචි ක්‍රීඩකයින් අතර විදේශීය ක්‍රීඩකයින් 156 දෙනෙකු සහ දේශීය ක්‍රීඩකයින් 204 දෙනෙකු ද වනවා.
පස්වරු 3 ට ආරම්භ වන වෙන්දේසිය වට 51 කින් සමන්විත වන අතර එහිදී පිතිකරුවන්,තුන් ඉරියව් ක්‍රීඩකයින්,වේග පන්දු යවන්නන් සහ කඩුලු රකින්නන් වැනි බහුවිධ දක්ෂතා කෙරෙහි අවධානය යොමු වනු ඇති.
වෙන්දේසියේදී, කණ්ඩායමක් අවම වශයෙන් ක්‍රීඩකයින් 16 දෙනෙකු තෝරා ගත යුතුයි. ඒ අතර විදේශීය ක්‍රීඩකයින් හතර දෙනෙක් සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකුද වියයුතුයි. ඔවුන් දැනටමත් විදේශීය ක්‍රීඩකයන් දෙදෙනෙකු බැගින් බඳවාගෙන තිබෙනවා. 
මේ අතර වෙන්දේසියේදී වයස අවුරුදු 21න් පහළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුද තෝරා ගැනීම අනිවාර්ය කර තිබෙනවා.
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?