Latestදේශීය

ඩෙංගු රෝගීන් වාර්තා වීමේ කිසිදු අඩුවක් නැහැ: සෞඛ්‍ය කීට විද්‍යා අංශය

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මේ වන විටත් ඩෙංගු වැලඳුණු ළමුන් 35ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා සඳහන් කළේය.

ඩෙංගු තවමත් දිවයින පුරාම පැතිරෙමින් පවතිනවා. දිනකට රෝගීන් 3 – 4ක් වගේ නේවාසිකව ප්‍රතිකාර ගැනීමට රෝහලට පැමිණෙන බවයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ.

මේ අතර, නිසි පාලනයක් නොකළහොත් මෙම වසරේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉතිහාසයේ වැඩිම රෝගීන් වාර්තා වූ වර්ෂය බවට පත්වීමේ අවධානමක් පවා පවතින  බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ වනතෙක් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ කිසිදු අඩුවක් පෙන්නුම් නොකරන බවයි එහි සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කරන්නේ.

2017 වසරේ දී මෑත ඉතිහාසයේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වර්තා වී තිබෙන අතර එම වසරේ දී  මෙරට ‌ඩෙංගු අධි වසංගත තත්ත්වයක්ද ඇතිවී තිබෙනවා. එහිදී ඩෙංගු රෝගීන් 186,101 වාර්තා වී ඇති බව සඳහන්ය.

එම වර්ෂය තුළ දී ඩෙංගු මරණ 440 ක් සිදුව ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

කෙසේ වෙතත් වසරේ මේ වනවිට ඩෙංගු රෝගීන් 43 දහස් 346 වාර්තා වී ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?