Latestදේශීය

ආර්ථිකයට වෙන්න යන දේ ඇහුවොත් බය හිතෙනවා

රටේ ආර්ථිකයට ඉදිරි අවුරුදු දෙකේ වෙන්න යන දේ ගැන ඇසූ විට තමන්ට ද බියක් ඇතිවූ බව සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

ආර්ථික උගුලෙන් රට මෙතෙක් ගැලවී නැති බවත් රට විශාල අනතුරක වැටී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

අද වන විට ඩොලරය යම් මට්ටමකට පහළ බැස ඇත්තේ සහ සංචිත ප්‍රමාණයක් ඉතිරි වී ඇත්තේ විදේශ ආනයනය සීමා කිරීම හා විදේශ ණය නොගෙවීම නිසා බවද මන්ත්‍රීවරයා පැවසීය.

ආණ්ඩුව විසින් ඩොලරය අල්ලාගෙන සිටින්නේ බලහත්කාරයෙන් බවත් මෙය අතහැරි සැනින් රුපියල් 400 මුදල ඉක්මවා ඩොලරයේ වටිනාකම ඉහළ යනු ඇති බවද හෙතෙම අනතුරු අගවයි.

එවන් තත්වයකදී ඒ හා සමග ආනයනික භාණ්ඩ ද සියල්ල මිල ඉහළ යනු ඇති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

එම පක්‍ෂය විසින් සංවිධානය කරන ලද ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?