Latestදේශීය

ගිණිගත් සුඛෝපභෝගී බස්රථය

යාපනය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද අලුයම එක්වරම ගිනිගෙන විනාශ වී තිබේ.

මදුරන්කුලිය කරිකට්ටිට ප්‍රදේශයේදීම මෙලෙස බස් රථය ගිනිගෙන ඇත.

බස් රථය ගිනිගන්නා අවස්ථාවේදී එම රථයේ සියලු ආසනවල මගීන් සිට ඇතිමුත් ඉන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.

කෙසේ වෙතත් වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ ඇතැම් මගීන්ගේ ගමන්මළු කිහිපයක් හදිසි ගින්න හේතුවෙන් විනාශ වී ඇති බවය.

ගින්න පිළිබඳව සැලවීමත් සමඟ පුත්තලම නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය හා පාලවිය ගුවන් හමුදා ගිනි නිවිමේ ඒකක පැමින ගින්න පාලනය කිරීමට සමත්වුවද ඒ වනවිටත් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වෙයි.

බස් රථය යාපනයෙන් ඊයේ (29) රාත්‍රී 10.30ට පමණ කොළඹ බලා ගමන් ආරම්භ කර තිබේ.

අනතුරුව බස් රථය පුත්තලම ආසන්නයේදී තේ පානය සඳහා නතරකර ඇති අතර එහිදී රියදුරු විසින් රථය පරීක්ෂා කිරීමක් කර තිබූ බවත් කිසිදු කාර්මික දෝෂයක් නොතිබූ බවත් පැවසෙයි.

ගිනි ගැනීමට ලක්වූ බස් රථයේ සිටි මගීන් වෙනත් බස් රථයකින් කොළඹ ගමන් කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මදුරන්කුලිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?