Latestදේශීය

තවත් යුද හමුදා සෙබලෙක් පාතාල සාමාජිකයකු සමග අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයේ හෝටලයක සැඟවී සිටී අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයකු බව කියන පුද්ගලයකු සමඟ යුද හමුදා කපිතාන්වරයෙක් ගිනි අවි හා ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය පැවසීය

එම සැකකරුවන් දෙදෙනා සමග ටී 56 ගිනි අවියක්, එම ජීව උණ්ඩ 108 ක්, බ්‍රවුනින් වර්ගයේ පිස්තෝල දෙකක්, මිලිමිටර් නවය වර්ග දෙකකින් යුත් ජීව උණ්ඩ 26 ක් පොලිස් භාරයට ගෙන ඇත.

පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවියේ රහස් අංකය මකා දමා තිබූ බවත් වැටලීම කළ නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් පාතාල සාමාජිකයා පාතාල ප්‍රබලයකු වන ඩුබායි රටේ සැඟව සිටින ‘හෝමාගම හඳයා’ නැමැත්තාගේ ප්‍රධානම ගෝලයෙක් බවත් ඔහුට විරුද්ධව දිවයිනේ පොලිස් ස්ථාන ගණනාවකින් මුදල් වංචා චෝදනා 42 ක් සම්බන්ධයෙන් නඩු පවරා ඇති අතර ඊට අමතරව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු දෙකක් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මිනුවන්ගොඩ ප්‍රදේශයේදී පසුගිය මැයි මාස බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිවසට ගොස් ගිනි අවි පෙන්වා තර්ජනය කර දණ ගැස්සිමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අත්අඩංගුවට ගත් යුද හමුදා කපිතාන්වරයා රත්නපුර ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන්නෙක් බවත් ඔහු මීට දින තුනකට පමණ පෙර නිවාඩු ලබාගෙන නුවරඑළියට පැමිණ තිබූ බවට අනාවරණය වී තිබේ. සැකකාර කපිතාන්වරයා පාතාල සාමාජිකයන්ගේ තොරතුරුකරුවෙක් හැටියට කටයුතු කරන්නෙක් බවට බොහෝ දුරට සැක කළ හැකි යැයි විමර්ශන නිලධාරීහු පවසති.

හෝමාගම නියඳගලදී ඉකුත් 20 වැනි දින පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට යොදාගත් ටී 56 ගිනි අවිය අත්අඩංගුවට පත් ගිනිඅවිය ද මෙන්ම ඒ සඳහා පැමිණි කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස පාතාල සාමාජිකයා සිටින්නේ දැයි සැකකරන බවත් කපිතාන්වරයාගෙන් ඒ සඳහා සහයක් ලැබී ඇත්දැයි සොයා වැඩිදුරටත් විමර්ශන පවත්වන බව පොලීසිය කීය.

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?