Latestවිදේශීය

ප්‍රංශ විරෝධතාකරුවෝ ප්‍රේමයේ නගරටත්

ප්‍රංශයේ කළු ජාතික සම්භවයක් සහිත 17 හැවිරිදි තරුණයෙකුට පොලිසිය වෙඩි තබා ඝාතනය කිරිමත් සමග ඇති වූ විරෝධතා රැල්ල ඊයේ 05 වෙනි දිනයටත් පැවති අතර ප්‍රේමයේ නගරය යනුවෙන් හැඳින්වෙන පැරිස් නගරයට එම විරෝධතා ඇතුළුවීම වලක්වාගැනීම සඳහා දැඩි ආරක්ෂක විධි විධානත් යොදා තිබූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා දක්වයි.

ඊයේ රාත්‍රිය වනවිට විරෝධතා කරුවන් 1,500ක් පමණ අත්අඩංගුවට ගෙන තිබිණි. එම විරෝධතා අතරතුර වාහන 577ක් ගිණිතබා ඇතැයිද ගොඩනැගිලි 74ක් ගිනිතබා ඇතැයිද වාර්තා කර තිබේ. ඊට අමතරව පොලිස් ස්ථාන 20ක් ප්‍රහාරයට ලක් වී ඇත. පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිය නහෙල්ගේ මිත්තනිය ආයාචනයක් කරමින් සංසුන්වන ලෙස විරෝධතාවයේ නිරත තරුණ පිරිසගෙන් ඉල්ලා ඇත.

ප්‍රේමයේ නගරය ලෙස හැඳින්වෙන පැරීසිය ආරක්ෂා කර ගැනීම සඳහා මේ වනවිට දැඩි සන්නද්ධ රැකවරණ යොදා ඇති අතර තත්වය පාලනය කිරීමට 40,000ක පමණ පොලිස් බලකායක් යොදවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?