Latestවිදේශීය

ධවල මන්දිරයේ සැකකටයුතු “සුදු පැහැති ද්‍රව්‍යයක්”

ධවල මන්දිරයේ හදිසි ඉවත් කිරීමක් සිදුකරමින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරනවා. ආරක්ෂිත ගොඩනැගිල්ලක තිබී සුදු පැහැති ද්‍රව්‍යයක් සොයා ගැනීමෙන් පසුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බව එක්සත් ජනපද රහස් සේවය සඳහන් කර තිබෙනවා.වැඩ කරන ප්‍රදේශයක් තුළ රහස් සේවා නිලධාරීන් විසින් සුදු පැහැති ද්‍රව්‍යයක් සොයා ගැනීමෙන් පසු ධවල මන්දිර සංකීර්ණය වසා දැමූ බව රහස් සේවා ප්‍රකාශක නිළධාරියෙක් සදහන් කර තිබෙනවා.

එම ද්‍රව්‍ය කොකේන්දැයි යන්න සොයා ගැනීම සඳහා වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බව සදහන්.මෙම සැකකටයුතු ද්‍රව්‍යය සොයා ගන්නා විට ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ පවුලේ අය කැම්ප් ඩේවිඩ් නිවසේ සිට ඇති බව සදහන්.වැඩිදුරටත් අදහස් දැක්වූ රහස් සේවා ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ ගිනි නිවන ඒකකය ඉක්මනින් කැඳවූ අතර එම ද්‍රව්‍ය අනතුරුදායක නොවන බවට සොයා ගත් බවයි.ඔහු මූලික පරීක්ෂණ ප්‍රතිඵල පිළිබඳව තහවුරු නොකළ අතර, එම ද්‍රව්‍ය අතිරේක පරීක්ෂණ සඳහා යවා ඇති බවත්, එම ද්‍රව්‍යය ධවල මන්දිරයට ඇතුළු වූයේ කෙසේද යන්න ඇතුළුව පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?