Latestදේශීය

ඉන්දියාව සතුටු කරන්න උතුරට ආදරය පෙන්වන රනිල්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉන්දීය නිල සංචාරයට පෙර එරට සතුටු කිරීමේ කටයුතු විශාල ප්‍රමාණයක් සිදු කරමින් තිබෙන අතර උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්නයද කේවල් කිරීමේ දේශපාලන මෙවලමක් ලෙස ප්‍රමුඛව උපයෝගී කර ගන්නා බව අනාවාරණය වේ.

රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය කටයුතු සැලකිය යුතු ප්‍රමාණයක් මෙහෙයවන අශෝක ජයතුංග මීට අදාළ කරුණු ගණනාවක් ඇතුලත් කර තබන ලද සටහනකින් මේ පිළිබඳව වැදගත් කරුණු හෙළිවේ. “තමාට අවශ්‍ය උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු විසඳීමට මිස ඉන් දේශපාලන වාසි ලබා ගැනීම නොවන බව” රනිල් වික්‍රමසිංහ සුමන්දිරන් මන්ත්‍රීවරයා සමඟ පැවසුයේ යැයි එක් සටහනක දක්වා තිබිණි.

ඒ ඔස්සේ යමින් තව දුරටත් සටහන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එකඟ නම් 13 වෙනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමට තමන් සූදානම් බවත් උතුරු නැගෙනහිර ජනතාවට කිසිදු අවස්ථාවක අසාධාරණයක් සිදු නොකරන බව සහ මීට වඩා යමක් කිරීමට පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල සහයෝගය අවශ්‍ය බව රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇතැයි එම සටහන්වලින් අවධාරණය කර තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?