Latestදේශීය

French fries නිෂ්පාදනාගාරය අරඹයි

බණ්ඩාරවෙල, කහත්තේවෙල ශ්‍රී සංඝරාජ විහාරස්ථාන පරිශ්‍රයේ ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අගෝස්තු මස 11 වැනි දින විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායත්ව වැඩ සටහන (SAPP) හා කහත්තේවෙල ජනතා ගොවි සමාගමේ මුල්‍ය දායකත්වය යටතේ ඉදි කරන ලද මෙම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.

මෙම අර්තාපල් තීරු සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදි කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 100 ඉක්මවයි. අර්තාපල් තීරු (French Fries) මෙරටට ආනයනය කෙරෙන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3500ක පමණ මුදලක් විදේශ රටවලට වැය කෙරේ.


දැනට මෙරට සකසන ලද අර්තාපල් තීරු සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් මෙරට වගා කරන අර්තාපල් යොදා ගනිමින් අර්තාපල් තීරු සකස් කෙරේ. ඒ සඳහා ගොවීන් 250කගේ අර්තාපල් මෙම කර්මාන්ත ශාලාව මිල දී ගන්නා අතර දෛනික අර්තාපල් තීරු කිලෝ ග්‍රෑම් 1000ක් නිෂ්පාදනය කිරීමට අපේකෂිතයි.


කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2018 දී කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය වන කහත්තේවෙල මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීමට පියවර ගත් අතර ඉන්පසුව එහි වැඩ කටයුතු විවිධ ගැටලු හේතුවෙන් අකර්මණ්‍යව පැවතිණි.


කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මහින්ද අමරවීර මහතා පත්වීමෙන් පසුව මේ වනවිට එම කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු අවසන් කිරීමට හැකි වූ අතර මෙම මස 11 දින එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.


මෙරට නිපදවිය හැකි දේවල් ආනයනය නොකර රට තුළ නිපදවා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව මගින් මෙතෙක් ඒ සඳහා මෙරටෙන් විදේශයට ඇදී ගිය විශාල මුදලක් මෙරට තුළ දීම ඉතිරි කර ගැනීමට හැකි වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.


ශ්‍රි ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු (French fries) නිෂ්පාදන කර්මාන්ත ශාලාව මෙම මස 11 දින විවෘත කෙරේ.බණ්ඩාරවෙල, කහත්තේවෙල ශ්‍රී සංඝරාජ විහාරස්ථාන පරිශ්‍රයේ ඉදි කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම අර්තාපල් තීරු සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අගෝස්තු මස 11 වැනි දින විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.


කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යවසායත්ව වැඩ සටහන (SAPP) හා කහත්තේවෙල ජනතා ගොවි සමාගමේ මුල්‍ය දායකත්වය යටතේ ඉදි කරන ලද මෙම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.


මෙම අර්තාපල් තීරු සැකසීමේ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදි කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 100 ඉක්මවයි. අර්තාපල් තීරු (French Fries) මෙරටට ආනයනය කෙරෙන අතර ඒ සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 3500ක පමණ මුදලක් විදේශ රටවලට වැය කෙරේ.


දැනට මෙරට සකසන ලද අර්තාපල් තීරු සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් මෙරට වගා කරන අර්තාපල් යොදා ගනිමින් අර්තාපල් තීරු සකස් කෙරේ. ඒ සඳහා ගොවීන් 250කගේ අර්තාපල් මෙම කර්මාන්ත ශාලාව මිල දී ගන්නා අතර දෛනික අර්තාපල් තීරු කිලෝ ග්‍රෑම් 1000ක් නිෂ්පාදනය කිරීමට අපේකෂිතයි.


කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා 2018 දී කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂිකාර්මික ආදර්ශ ගම්මානය වන කහත්තේවෙල මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීමට පියවර ගත් අතර ඉන්පසුව එහි වැඩ කටයුතු විවිධ ගැටලු හේතුවෙන් අකර්මණ්‍යව පැවතිණි.


කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් මහින්ද අමරවීර මහතා පත්වීමෙන් පසුව මේ වනවිට එම කර්මාන්ත ශාලාවේ වැඩ කටයුතු අවසන් කිරීමට හැකි වූ අතර මෙම මස 11 දින එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.


මෙරට නිපදවිය හැකි දේවල් ආනයනය නොකර රට තුළ නිපදවා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මෙම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව මගින් මෙතෙක් ඒ සඳහා මෙරටෙන් විදේශයට ඇදී ගිය විශාල මුදලක් මෙරට තුළ දීම ඉතිරි කර ගැනීමට හැකි වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

@මාධ්‍ය ඒකකය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?